ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    පොළොන්නරුව වැලිකන්දෙහි ජල අවශ්‍යතාවයන් සපුරාලීමට පියවර ගැනේ.

    අගෝස්තු 26, 2015
     
    පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ජනතාව දැනට පවතින වියලි කාලගුණික තත්ත්වය නිසා මුහුණ දී ඇති පානීය ජල අවශ්‍යතාවය සපුරාලීමට පියවර ගත් බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ අංශය පවසයි.
    පානීය ජලය නොමැති කමින් නෙළුම් වැව, මුතුගල, බොරවැව, වැලිකන්ද, මොණරතැන්න , කඩවත්මඩුව , මහින්දාගම , කුඩා පොකුණ, සිංහපුර යන ග්‍රාම නිලධාරි වසම් වල පවුල් 1689 කට අයත් පුද්ගලයින් 4323 දෙනෙකු පීඩාවට පත්ව ඇත. 
     
    ඔවුන් සඳහා අවශ්‍ය පානීය ජල අවශ්‍යතාවය ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය සමඟ එක්ව වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සපුරාලීමට පියවර ගෙන ඇත.
     
    AP/DMU- Polonnaruwa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya