ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    වියළි දේශගුණයෙන් පීඩාවට පත් පවුල්වලට සහය

    අගෝස්තු 28, 2015

    දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය, වියළි දේශගුණික තත්වයෙන් පීඩාවට පත් ජනතාවගේ පානීය ජල ගැටලු විසඳා දීමේ ක්‍රියාවලියක නිරත වෙයි.

    මෙම වියළි දේශගුණික තත්ත්වය දැනට දිස්ත්‍රික් කිහිපයකට තදබල ලෙස බලපෑම් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය. මෙහි ප්‍රතිඵලයක් ලෙස විශේෂයෙන්ම නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල ද පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සහ උතුරු පළාතේ යාපනය, කිලිනොච්චි සහ මුලතිව් දිස්ත්‍රික්කවල පවුල් පවුල් පානීය ජල හිඟයක් අත්විඳිමින් සිටින බව හෙතෙම පෙන්වා දුන්නේය.


    දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකක විසින් ජාතික ජල සම්පාදන මණ්ඩලය සමඟ එක්ව ජල බවුසර් යොදා ගෙන මෙම පවුල්වල පානීය ජල ප්‍රශ්නය විසඳීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya