ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    පරකඩුවේ ඵෙතිහාසික නා ගස ආරක්ෂාවට පියවර ගැනේ

    අගෝස්තු 31, 2015
     
    රත්නපුර කොළඹ ප්‍රධාන මාර්ගයේ ඇහැලියගොඩ නගරය පසුකර යන විට හමුවන පරකඩුවේ ඵෙතිහාසික නා ගස වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක පනත යටතේ ආරක්ෂිත වෘක්ෂයක් ලෙස ප්‍රකාශ කර ඇත.
    වසර දහසක් පමණ පැරණි මෙම ඓතිහාසික නා ගස  ආරක්ෂා කීරිම පිණිස එම වෘක්ෂයේ අපි ශාක හා කෘමි උවදුර ඉවත් කිරිමේ කටයුතු පේරාදෙණිය ජාතික උද්භිත උද්‍යානයේ පෞරාණික ශාක නඩත්තු හා ආරක්ෂා කිරිමේ අංශයේ නිලධාරීන් විසින් පසුගිය දා සිදු කරනු ලැබීය.
     
    උස අඩි 110 ක් අඩි 19 ක් පමණ වට ප්‍රමාණයෙන් යුත් මෙම නා ගසේ මුලේ දිරා ගිය කුහරවලට විවිධ කෘමි සතුන් හා කොළ රොඩු ඇතුළු වි තිබේ.දිරාගිය කොටස්වල සිටි වේයන් ආදි කෘමි සතුන් අධිපීඩන ජල පහර එල්ලකර සෝදා ඉවත්කර රසායනික ද්‍රව්‍ය යොදා මූල මණ්ඩලය ශක්තිමත් කළ හැකි පෝෂිත ද්‍රව්‍ය යෙදීමද සිදු කරන ලදි. මීට අමතරව මූලමණ්ඩයේ සෑදී ඇති කුහරවල් ප්ලාස්ටික් දැල්වලින් ආවරණය කරන ලදි.
     
     AP/DMU-Ratnapura
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya