ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    දකුණු පළාත් ආදායම් දෙපාර්තමේන්තුව වාර්තා ගත ආදායමක් උපයා ගනී

    අගෝස්තු 31, 2015
    දකුණු පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ පසුගිය වසරේ ආදායම් ඉලක්කය  රුපියල් මිලියන 1,156 ක්වුවද එය ඉක්මවා යමින් රුපියල් මිලියන 1,417 ක වාර්තාගත ආදායමක් උපයා ගැනීමට සමත්වී ඇත.  දකුණු පළාතේ ප්‍රධාන ආදායම් ප්‍රභවය වන මුද්දර ගාස්තු ආදායම පසුගිය වසරේ රුපියල් මිලියන 1,195 කි.
    නව ආදායම් මූලාශ්‍රයක් වශයෙන් මෙතෙක් කල් ප්‍රාදේශිය ලේකම් කාර්යාල මගින් සිදුකල උකස් ව්‍යාපාර මධ්‍යස්ථාන සඳහා තැන්පතු මුදල් අය කිරිම හා වාර්ෂික බලපත්‍ර ගාස්තු අය කිරිමද පළාත් ආදායම් දෙපාර්තමේන්තුවට පවරා ගැනිම තුලින් රුපියල් මිලියන අටක ආදායමක් උපයා ගෙන තිබේ.
     
    එයට අමතරව ඛණිජ බද්ද ඖෂධ හා රසායන බද්ද බලාත්මක කිරිම තුළින්ද සුවිශේෂි ආදායමක් පසුගිය වසරේ රැස් කර ගැනීමට හැකිවී ඇත.
     
    AP/DMU-Galle
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya