ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    අපරාධ වාර්තාකරණය පිළිබද සන්නිවේදන වැඩමුළුව 05 දා මාතලේදී

    සැප්තැම්බර් 02, 2015
    ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය හා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාතලේ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය එක්ව සංවිධානය කරන මාතලේ දිස්ත්‍රික් සන්නිවේදන වැඩමුළුව සැප්තැම්බර් 05 දින පෙ.ව. 8.30 ට මාතලේ තොටගමුව ස්ප්‍රීන් විව් හෝටලයේදී පැවැත්වේ.
    "අපරාධ වාර්තාකරණයේදී ජනමාධ්‍යයේ කාර්ය භාරය"  යන මැයෙන් වු මෙම වැඩමුළුව දිස්ත්‍රික්කයේ ජනමාධ්‍යවේදීන්,මාධ්‍ය කටයුතු වලට සම්බන්ධ ලේඛකයින් හා පාසල්වල මාධ්‍ය විෂය ඉගැන්වීමෙහි නිරතව සිටින ගුරුවරුන්වෙනුවෙන් පැවැත්වේ . 
     
    කැළණිය විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ මහාචාර්ය රෝහණ ලක්ෂමන් පියදාස, ප්‍රවීණ මාධ්‍යවේදී ආරියනන්ද දොඹගහවත්ත යන මහත්වරුන් ප්‍රමුඛ විද්වතුන් මෙහිදී දේශන පැවැත්විමට නියමිතය. 
     
    මේ සදහා මාතලේ දිස්ත්‍රික් දේශපාලන නායකත්වය, මාතලේ දිස්ත්‍රික් ලේකම් නීල් ද අල්විස්, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති නිතිඥ කොග්ගල වෙල්ලාල බන්දුල යන මහත්වරුන් 
    සහභාගිවිමට නියමිතය.
     
    මාධ්‍ය වැඩමුඵුවෙන් අනතුරු ශ්‍රී ලංකාපත්‍ර කලා සංසදයේ මාතලේ දිස්ත්‍රික් රැස්වීමක්ද පැවැත්වෙන බව එහි සභාපති හිල්ටන්. ජේ. බෙරෙන්ජර් මහතා පැවසීය.
     
    AP/DMU-Matale
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya