ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    කළුතර දිස්ත්‍රික්කයේ ජීවනෝපාය සංවර්ධන වැඩ සටහන සදහා රුපියල් මිලියන 51 ක්

    සැප්තැම්බර් 02, 2015
     
    කළුතර දිස්ත්‍රික්කයේ සමෘද්ධිලාභීන් ඇතුළු අඩු ආදායම්ලාභීන්ගේ ජීවන තත්ත්වය වැඩි දියුණු 
    කිරීම සදහා ක්‍රියාත්මක කරන ජීවනෝපාය සංවර්ධන වැඩ සටහන සඳහා රුපියල් මිලියන 51 ක මුදල් ප්‍රතිපාදන  ලැබී ඇත.
    අඩු ආදායම්ලාභීන් ස්වකීය හැකියාවන් අනුව තෝරා ගන්නා ස්වයං රැකියා ව්‍යාපෘතියක් සදහා නිසි අධීක්ෂණයකින් පසු ඔවුන් වෙත මුදල් ආධාර හා අනිකුත් පහසුකම් ලබා දීම මේ යටතේ සිදුවේ.
     
    කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 14 ම ආවරණය වන පරිදි මෙම වැඩ සටහන ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇති බව කළුතර දිවි නැගුම කාර්යාලය පවසයි.
     
    2014 වර්ෂය තුළ කළුතර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කල ජීවනෝපාය සංවර්ධන වැඩ සටහන සදහා රුපියල් මිලියන 77 ක මුදලක් රජය වැය කර ඇත.
     
    AP/DMU-Kalutara
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya