ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    සහතික මිලට වී ගැනිමෙන් ගොවීන්ගේ ආදායම දෙගුණ වෙලා

    සැප්තැම්බර් 03, 2015
    සහතික මිලට වී මිලදී ගැනීමේ රජයේ වැඩපිළිවෙල හේතුවෙන් ගෙන මෙවර ගොවීන්ගේ අදායම දෙගුණ වී ඇති බව මාතලේ දිස්ත්‍රික් ලේකම් නීල් ද අල්විස් මහතා පැවසිය.
    සාමාන්‍යයෙන් විවෘත වෙළෙද පොලේ රුපියල් 25 -30 අතර මිලක් පවතින අතර රජය සම්බා වී කිලෝවක් සඳහා රුපියල් 50lක් මිලක්ද, නාඩු කිලෝව සඳහා රුපියල් 45ක් මිලක් ද ලබාදීම එයට හේතු වී ඇති බව ඒ මහතා පෙන්වා දුන්නේය.
    රජයේ සහතික මිලට වී මිලදී ගැනිමේ වැඩපිළිවෙළ දියත්වීමත් සමඟ මෙවර යල කන්නයේ මාතලේ දිස්ත්‍රික්කයේ මිනිපේ, හසලක, ගලේවෙල විල්ගමුව දඹුල්ල ආදි ප්‍රදේශවල ගොවීන් විශාල පිරිසක් තම අස්වනු විකුණා ගැනීම සඳහා වි අලෙවි මණ්ඩල ගබඩා වෙත පැමිණෙමින් සිටිති.
    ඒ සියලු දෙනාගේ වී එක් ගොවියෙකුගෙන් කිලෝ 2,000ක උපරිමයකට යටත්ව මිලදී ගැනීමේ කටයුතු වේගවත් කොට ඇති බවත් වී මණ්ඩලය වෙත ගොවීන් පැමිණීම හේතු කොට ගෙන වී අලෙවි මණ්ඩලය සහ ගොවීන් අතර මනා සම්බන්ධතාවක් ඇති බවත් දිස්ත්‍රික් ලේකම්වරයා පෙන්වා දුන්නේය.
    මිලදී ගන්නා වී ගබඩා කිරිම සඳහා දැනට පවත්නා ගබඩාවලට අමතරව ඉදිරියේදී සුදුසු ස්ථානවල ඉඩම් හඳුනාගෙන ගබඩා ඉදි කිරීම සඳහා කටයුතු කරන බව සඳහන් කළ දිසාපතිවරයා  වී මිලදී ගැනිමේ වැඩපිළිවෙළ වෙළෙඳ මාපියාවෙන් ගලවා සෑබෑ ගොවීන් හඳුනා ගැනීම සඳහා සියලුම ගොවින්ගේ තොරතුරු පරිගණ ගත කර දත්ත ගබඩාවක් සකස් කරන බවද සඳහන් කළේය.
    ඒ සඳහා සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාවල උපාධිධාරි සංවර්ධන සහකාර නිලධාරීන්ගේ සේවය ලබා ගන්නා බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
     
    kpm_DMU_Matale

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya