ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    පෙරහර සමයේ වැඩි මිලට බඩු විකුණුවාට නඩු

    සැප්තැම්බර් 06, 2015
    ඇසළ පෙරහර සමයේ මහනුවර නගරයේ කල් ඉකුත් වු හා  සලකුණු කළ මිලට වඩා වැඩි‍ මිලට භාණ්ඩ අලෙවි කළ වෙළෙද සැල් 45කට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පාරිභෝගික සේවා අධිකාරියේ මහනුවර දිස්ත්‍රික් ප්‍රධානි එම්.එන්.පී. මදාරාගොඩ මහතා පවසයි.  
     
    මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී. හිටිසේකර මහතාගේ උපදෙස් මත මෙම වැටලීම් සිදුකර තිබේ. 
     
    එහිදී  මහනුවර දිස්ත්‍රික්කය පුරා කළ වැටලීම් මගින් වෙළෙදසැල් 109ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබේ.  කල් ඉකුත් වු භාණ්ඩ අළෙවිය, සඳහන් මිලට වඩා  වැඩි මිලට අළෙවි කිරිම, මිල ප්‍රදර්ශනය නොකිරිම  වැනි කරුණු  ඊට බලපෑ හේතුන්ය. 
     
    පසුගිය මාසයේ නීතිය ඉදිරියේ වරදකරුවන් වුවන්ගෙන් රුපියල් 164,500ක දඩ මුදලක් අයකරගෙන ඇති බවත් පැවසු මදාරාගොඩ මහතා දිස්ත්‍රික්කයේ පාරිභෝගික ජනතාවට සිදුවන අපහසුතාවයන් සම්බන්ධයෙන්  ලිඛිත පැමිණිලි 18ක් ද,  දුරකථන මගින් පැමිණිලි 41ක් ද ලැබුණු බවත් එම පැමිණිලි විමර්ශනයට ලක් කළ බවත් පැවසීය. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya