ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    සබරගමුවට නව නිවාස ව්‍යාපෘතියක්

    සැප්තැම්බර් 08, 2015
    රත්නපුර හා කෑගල්ල දිස්ත්‍රික්ක දෙකේ නිවාස අහිමි පවුල් ඒකක ඉලක්ක කරගනිමින් නව නිවාස ව්‍යාපෘතියක් ක්‍රියාවට නැංවීමට සබරගමුව පළාත් සභාව කටයුතු කරයි.
     
    මෙම නිවාස ව්‍යාපෘතිය යටතේ සබරගමුව පළාත තුළ නිවාස අහිමි පවුල් ඒකක ග්‍රාම සේවා වසම් මට්ටමින් හඳුනාගෙන එම පවුල් ඒකක සඳහා ප්‍රදේශවාසීන්, ධන පරිත්‍යාගශීලීන් සහ සබරගමුව පළාත් සභා අරමුදල් යොදවා නව නිවාස ඉදි කිරීමට කටයුතු කර ඇත. රත්නපුර හා කෑගල්ල දිස්ත්‍රික්ක දෙකෙහි ග්‍රාමීය මට්ටමින් නිවාස සමිති පිහිටුවීමට ද මේ යටතේ කටයුතු කර ඇත. 
     
    දැනට, සබරගමුව පළාත් සභාව මගින් රත්නපුර හා කෑගල්ල දිස්ත්‍රික් දෙකේ අඩු ආදයම්ලාභීන් හා සමෘද්ධිලාභීන් වෙනුවෙන්  රුපියල් දසදහසත් (10,000/-) විසිදහසත් (20,000/-) අතර මුදලක් ඔවුන්ගේ නිවාස ඉදි කිරීම සඳහා ආධාර වශයෙන් ලබා දෙයි.
     
    එම මූල්‍ය ප්‍රදානයන් අදාළ නිවාස ඉදිකිරීම් වෙනුවෙන් ප්‍රමාණවත් නොවීම සහ එලෙස ලබා ගන්නා නිවාස ආධාර වෙනත් කාර්යයන් සඳහා නිවාසාධාරලාභීන් යොදාගන්නා නිසා මෙම තීරණය ගන්නා බව සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා සඳහන් කරයි.
     
    මෙම වර්ෂය සඳහා මෙලෙස මූල්‍ය ප්‍රදානයක් සිදු කිරීම පසුගිය දා කෑගල්ල ප්‍රධාන අමාත්‍ය නිල නිවසේ දී සිදු විය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya