පසුගිය කෘෂිකර්ම කමිටු රැස්වීමේ දී ගන්නා ලද තීන්දු තීරණ ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය පිළිබදව
මෙහිදී අවධානය යොමු කෙරිණි. එමෙන්ම කෘෂිකර්මාන්තයට සම්බන්ධ ආයතනවල මාසික
ප්‍රගතිය, ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටුවලදී පැන නගින ගැටළු , දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව වෙත
එවන ලද ලිපි, පසුගිය කන්නයේ හා ඉදිරි කන්නයේ කෘෂිකාර්මික කටයුතු පිළිබඳව මෙහි දී
සාකච්ඡා කෙරිණි.
මාතර දිස්ත්‍රික් කෘෂිකර්ම අංශය විසින් සංවිධානය කරන ලද මෙම රැස්වීමට දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස නියෝජනය කරමින් ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු කෘෂිකර්මාන්තයට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන්, පුද්ගලික අංශය සහ ගොවි සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසක් මීට සහභාගි වුහ.
AP/DMU-Matara



















