ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    උතුරේ ගඩොල් කර්මාන්තයට අයහපත් කාලගුණයෙන් බලපෑම්

    සැප්තැම්බර් 09, 2015

    පසුගිය දින කිහිපයක සිට උතුරු පළාත මුහුණ දෙන අධික කුණාටු සහිත කාලගුණය හේතුවෙන් එම ප්‍රදේශයේ ගඩොල් කර්මාන්තයේ නිරත ජනතාව බරපතල දුෂ්කරතා අත්විඳිමින් සිටිති.‍

    උතුරු පළාතේ මෙම දැඩි වියළි කාලගුණික තත්ත්වයක් පසුගිය මාස කිහිපය පුරා පැවතුන අතර මෙම වියළි කාලගුණය අවසන් වීමත් සමඟ අධික වර්ෂාවක් ඇදහැලෙමින් තිබේ.
     

    මෙම අයහපත් තත්ත්වය නිසා බොහෝ පීඩාවට පත්ව සිටින්නේ ගඩොල් නිෂ්පාදනයේ නිරතවන පුද්ගලයන් ය. ඔවුන් අධික වර්ෂාවෙන් ගඩොල් ආරක්ෂා කරගැනීම සඳහා කිසිදු උපක්‍රමයක් නොමැති වීමෙන් දැඩි අසරණ තත්ත්වයකට පත්ව සිටිති.

     

    මෙම තත්ත්වය තවත් දින කිහිපයක් අඛණ්ඩව පවතියි නම්, සිය කර්මාන්තයේ නිරත වීම සිදු කළ නොහැකි බව කර්මාන්තකරුවෝ පෙන්වා දෙති.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya