ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    කර්මාන්ත නැංවීමේදී පුද්ගලික අංශය වැඩියෙන් දායක කර ගන්නවා - රිෂාඩ් බදියුදීන්

    සැප්තැම්බර් 10, 2015
    කර්මාන්ත ක්ෂේත්‍රය ප්‍රවර්ධනය සඳහා තමා ඉදිරියේ දී ගන්නා ක්‍රියාමාර්ගවලදී පෞද්ගලික අංශය වැඩි වැඩියෙන් දායක කර ගැනීමටත්, ඔවුන්ගේ අදහස්, යෝජනා හා සහයෝගය ලබාගැනීමට තමා  බලාපොරොත්තු වන බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා වශයෙන්ඊයේ (09) පස්වරුවේ තෙවන වරටත් එම අමාත්‍යාංශයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුවය. ඒ මහතා සිය ධූරයේ වැඩ ආරම්භ කරනු ලැබුවේ සර්ව ආගමික වතාවත්වලින් අනතුරුවය. උතුරු නැගෙනහිර දෙපලාතේ ප්‍රධාන සංඝනායන, වවුනියාව බෝධි දක්ෂිණාරාමාධිපති, සියඹලාගස්වැව විමලසාර නායක හිමියන්, වැලිඔය ජනපද විහාරාධිපති, පොළොන්නරුවේ තිලකාලංකාර නායක හිමිපානන් ඇතුළු හින්දු, ඉස්ලාම්, කතෝලික ආගමික නායකයන් ද මෙම අවස්ථාවට වැඩම කර සිටි සේක.
     
    එමෙන්ම, ඉදිරි පස් වස තුළ, පංච විධ ක්‍රියාවලියක් ඔස්සේ ශ්‍රී ලංකාව සංවර්ධන මාවතට රැඟෙන යාමේ වැඩි වගකීමක් පැවරී ඇත්තේ තම අමාත්‍යංශයට බවද බදියුදීන් මහතා පැවසීය.  
     
    "උතුරු නැගෙනහිර දෙපළාතේ සංඝනායක විමලසාර නාහිමියන් හා වැලිඔය විහාරාධිපති, තිලකාලංකාර ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයද මෙම අවස්ථාවට වැඩම කරවා සිටීම ගැන මා අතිශයින් සතුටු වෙනවා. පසුගිය යුද්ධ සමයේ උතුරු පළාතේ ජිවත් වූ උන් වහන්සේලාත්, මා ඇතුළු සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව සියලු දෙනාත් එම පළාත්වලින් අවතැන්ව සිටියේ කඳවුරුවල. යුද්ධය නිමාකර ගම් බිම්වලට යනකොට අපේ ප්‍රදේශවල පන්සල්, පල්ලි, කෝවිල් වගේම ඒ ජනතාවගේ උන්හිටි තැන් පවා ඉතිරි වී තිබුණේ නැහැ. අපි තමයි අවතැන් වූ ජනතාව ජාති භේදයෙන් තොරව පදිංචි කළේ. ඒ වගේම ආගම් බෙදීමකින් තොරව විනාශ වී තිබූ ඒ සියළු සිද්ධස්ථාන නැවත ගොඩනැංවුවේත් ජාතිවාදය වැපිරූ අය නොව අප විසින් බව කිව යුතුයි. එම ස්වාමීන් වහන්සේලා සියළු දෙනාත්, අනෙක් ආගමික පූජක ප්‍රසාදීන් වහන්සේලාත් අද මෙම අවස්ථාවට පැමිණ සිටින්නේ මා කිසිදු භේදයකින් තොරව කළ එම සේවය නිසයි. එය මට මහත් සතුටක්".
     
    ජනාධිපතිතුමා සහ අගමැතිවරයා මේ රටේ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමේ වගකීම තමන් වෙත නැවත පවරා දී ඇත්තේ තමන් කෙරෙහි විශාල විශ්වාසයකින් යුතුව බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා එම විශ්වාසය නොපිරිහෙලා ඉටුකරන බවට ද එහිදී පොරොන්දු විය.
     
    කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය හා ඊට අනුබද්ධ ආයතනවල සභාපතිවරු, අධ්‍යක්ෂවරු ඇතුළු නිලධාරීන් ද, මන්නාරම, පුත්තලම ඇතුළු වන්නි ප්‍රදේශවල ජනතාව විශාල පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya