ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    වෙරළ පිරිසිදු කිරීමේ ජාතික වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන්

    සැප්තැම්බර් 16, 2015
    වෙරළ පිරිසිදු කිරීමේ ජාතික වැඩසටහනෙහි සමාරම්භක උත්සවය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සැප්: 19දා උදෑසන 7.00 ට කොළඹ ගාලු මුවදොර පිටියේ දී  පැවැත්වේ.
     
    “සයුර රකිමු අපි සුරැකෙමු” තේමාව යටතේ සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් මෙම වැඩසටහන සංවිධානය කරනු ලබයි.
     
    මේ හා සමඟාමීව එදින ම කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ති‍්‍රක්කවල ද, සැප්: 20 වන දින පුත්තලම දිස්ති‍්‍රක්කය තුළ ද, සැප්:  21දා මන්නාරම, කිලිනොච්චිය, යාපනය දිස්ති‍්‍රක්කවල ද, සැප්: 22 දා ත්‍රීකුණාමලය, මඩකලපුව සහ අම්පාර දිස්ති‍්‍රක්කවල ද, සැප්:23දා මාතර, ගාල්ල සහ හම්බන්තොට දිස්ති‍්‍රක්කවල ද මෙම වැඩසටහන කි‍්‍රයාත්මක කෙරේ.
     
    ශී‍්‍ර ලංකාවේ වෙරළාශි‍්‍රතව එක්රැස් වන සමුද්‍රිය අපද්‍රව්‍ය පිළිබඳව දත්ත එක්රැස් කිරීම හා පත්වාගෙන යාම, සාගර පරිසරය පිළිබඳ ව දැනුම වර්ධනය කිරීම, සාගර දූෂණය අවම කිරීම සඳහා ජනතාව තුළ චර්යාත්මක වෙනසක් ඇති කිරීම යන කරුණු මෙම වැඩසටහන තුළින් අපේක්ෂා කෙරේ.
     
    සොබාදහම විසින් තෝරාගත් සුවිශේෂි ස්ථානයක අද්විතීය සම්පතක් සේ පිහිටි ශී‍්‍ර ලංකාවේ වෙරළ තීරය මුළු දුරින් කි.මි 1700 කි. අනාගත ලොවෙහි පැවැත්ම උදෙසා සුවිසල් මෙහෙවරක් ඉටුකළ හැකි මහ සයුර දූෂණයෙන් තොරව රැක ගැනීමේ වගකීම ඉටු කරමින් රජය මෙම වැඩසටහන කි‍්‍රයාවට නංවා ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya