ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    කොළඹ දිස්ත්‍රික්කයේ අවිච්ඡේද ව පැවති ව්‍යාපෘති ආරම්භ කිරීමට රු. බි. 405.8ක්

    සැප්තැම්බර් 20, 2015

    කොළඹ දිස්ත්‍රික්කයේ 2014 වර්ෂයේ දී අවිච්ඡේද ව පැවති ව්‍යාපෘති ආරම්භ කිරිම සදහා ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් රුපියල් බිලියන 405.8ක මුදලක්  ලබා දී ඇති බව අද කොළඹ දිස්ත්‍රික් ලේකම් එච්.ටී.කමල් පත්මසිරි මහතාගේ ප්‍රධානත්වයෙන්  දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති ප්‍රාදේශීය ලේකම් සමුළුවේ දී අනාවරණය විය. මෙම මුදල් පළමු ප්‍රමුඛතා ලේඛණය අනුව කටයුතු කිරීමට වෙන් වී ඇත.


    ඒ අනුව කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ  ව්‍යාපෘති සඳහා මිලියන 27.3 ක් ද, කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ව්‍යාපෘති 09 ක් සඳහා මිලියන 21.87 ක් ද, කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ  ව්‍යාපෘති 25 ක් සඳහා මිලියන19.28 ක් ද හා තිඹිරිගස්යාය  ව්‍යාපෘති 22 සදහා  මිලියන 17.38 ක් ද වෙන් කිරීමට නියමිත බව සැලසුම් අධ්‍යක්ෂ ඩී.එම්.එන්.දිසානායක මහත්මිය සඳහන් කළේය.

     

    තවද පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ව්‍යාපෘති 17 ක් සඳහා මිලියන 32.07 ක් ද,  මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ව්‍යාපෘති 04  ක් සඳහා මිලියන 16.63 ක් ද, මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ව්‍යාපෘති  04 ක් සඳහා මිලියන 11.41 ක් ද, රත්මලාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ව්‍යාපෘති 05 ක් සඳහා මිලියන 52.25 ක් ද සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ව්‍යාපෘති 16 ක් සඳහා 117.10 ක් ද, හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ව්‍යාපෘති 59 ක් සඳහා මිලියන 70.61 ක් ද කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ව්‍යාපෘති 13 ක් සඳහා 13.33 ක් ද වෙන් කර ඇති බව දිසානායක මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.  

     

    dmu_Colombo

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya