ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    අන්තර් ජාතික වෙරල පිරිසිදු කිරිමේ වැඩ සටහන පුත්තලමේදී

    සැප්තැම්බර් 18, 2015
     
    අන්තර් ජාතික වෙරළ පිරිසිදු කි‍රීමේ වැඩ සටහනට සමගාමිව     ශ්‍රි ලංකාවේ වෙරළ තීරය පිරිසිදු කිරීම සදහා දීප ව්‍යාප්ත වැඩ සටහනක් ක්‍රියාත්මක කිරිමට  සමුද්‍රීය පරිසර අධිකාරිය  කටයුතු යොදා ඇත.
    මේ යටතේ පුත්තලම දිස්ත්‍රික් වෙරල තීරය  පිරිසිදු කිරීමට කටයුතු යොදා ඇති අතර පරිසර විෂය භාර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම වැඩ සටහන ක්‍රියාත්මක වේ.
     
    පුත්තලම දිස්ත්‍රික්කය ශ්‍රි ලංකාවේ දීර්ඝ වෙරළක් සහිත දිස්ත්‍රික්කය වන අතර,එය කි.මි 300 කින් සමන්විත වේ. එයින් මෙම දිස්ත්‍රික්කයේ වෙරළ තීරය පිරිසිදු කිරීමට හැකියාව පවතින ප්‍රදේශය කි.මි160 කි. එකි ප්‍රමාණය මධ්‍යස්ථාන 80 කට බෙදා  කි.මි 2 බැගින් කොටස් කර  මෙම වැඩ සටහන ක්‍රියාත්මක කිරිමට අපේක්ෂා කෙරේ. 
     
    ඒ අනුව සැප්තැම්බර් 19 , 20 දෙදින ‍පුත්තලම වෙරල පවිත්‍රතා වැඩ සටහන ක්‍රියාත්මක කරන අතර, ප්‍රාදේශීය  ලේකම් කාර්යාල , ග්‍රාම නිලධාරි, ධීවර ගම්මාන , පාසැල් දරු- දැරියන්, පොලිසිය  හා  ස්වේජ්ජා සංවිධාන මේ සදහා සහභාගිවිමට නියමිතය.
     
    AP/DMU-Puttalam
     
    .
                                                                                                                                                        

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya