ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    මාතලේ කෘෂිකාර්මික නිෂ්පාදන දෙගුණ කිරිමේ සැලැස්මක්

    සැප්තැම්බර් 21, 2015
     
    මාතලේ දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුළින් ජාතික නිෂ්පාදනයට දක්වන දායකත්වය දෙගුණ කිරිමේ අරමුණින් සියළුම වගාවන් සදහා නව කෘෂිකාර්මික වගා සැලැස්මක් ක්‍රියාත්මක කිරිමට පියවර ගෙන ඇති බව මාතලේ දිස්ත්‍රික් ලේකම් නීල් ද අල්විස් මහතා පැවසීය.
    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර ඇති ජාතික කෘෂිකාර්මික සංවර්ධන වැඩසටහනට සමගාමීව මාතලේ දිස්ත්‍රික්කයට අභිනව වගා සැලැස්මක් ක්‍රියාත්මක කරන බවත් ඒ සදහා කෘෂිකාර්මික ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු නිලධාරින්ගේ සහයෝගය ලබා ගැනිමට කටයුතු කරන බවත් දිස්ත්‍රික් ලේකම්වරයා  වැඩි දුරටත් පැවසීය.
     
    මාතලේ දිස්ත්‍රික්කය සදහා 2016-2018 නව කෘෂිකාර්මික වගා සැලැස්මක් සකස් කිරිම සදහා පසුගියදා දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ පැවැති රැස්විමේදී  දිස්ත්‍රික් ලේකම්වරයා මෙසේ පැවසීය.
     
    මේ අනුව වී වගාව, බඩ ඉගුරු වගාව , කව්පි, මිරිස්, ලොකු ලූණූ වැනි දිස්ත්‍රික්කයේ දැනට වගා කරන වගාවන් සදහා යොදා ගන්නා භූමින්  සහ  එහි ඵලදායිතාවය වැඩි කිරිමට කටයුතු කෙරේ. 
     
    ඊට අමතරව දිස්ත්‍රික්කයට අලුතින් හදුන්වා දෙන අර්තාපල් වගාව ගොවීන් අතර ප්‍රචලිත කිරිමට අපේක්ෂිතය.
     
    මේ සදහා ගොවීන්ට අවශ්‍ය බීජ ,පොහොර සහනාධාර, ණය පහසුකම්, ගබඩා පහසුකම්, ඇතුළු රජයට ලබා දිය හැකි සෑම සහයෝගයක්ම ලබා දිමට පියවර ගන්නා බවද දිස්ත්‍රික් ලේකම්වරයා තවදුරටත් පැවසීය.
     
    විශේෂයෙන් ජාතික නිෂ්පාදිතයෙන් 60% ලැබෙන  මාතලේ ලොකු ලූණූ වගාව තවදුරටත් ව්‍යාප්ත කිරිමට අවශ්‍ය පියවර ගන්නා අතර දැනට වගා කර ඇති හෙක්ටයාර් 2,500-3,000 පමණ වන ප්‍රමාණය හෙක්ටයාර් 4,000 දක්වා වැඩි කිරිමටත් අස්වැන්න මෙට්ට්‍රික් ටොන් 40,000 දක්වා වැඩි කිරිමටත් පියවර ගන්නා අතර දේශිය බීජ වගාවන් සදහා යොදා ගෙන ඉහල ඵලදාවක් ලබා ගැනිමට අපේක්ෂිතයි.
     
    AP/DMU-Matale
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya