එළවළු බීජ ගෙන්වන පෞද්ගලික සමාගමක් විසින් මෙම ඩ්‍රැගන් වර්ගයේ ගෝවා බීජ ගෙන්වා මාරස්සන ප්‍රදේශයේ ගොවීන් වෙත ලබා දී තිබේ. මෙම බීජ රජය මගින් නිර්දේශ කිරීමක් සිදු කොට නැතත් ගොවීන් සමාගම කෙරෙහි විශ්වාසය තබා ඒවා වගා කොට ඇත. ඒ අනුව මාරස්සන ප්‍රදේශයේ ගොවි පවුල් 26 ක් අක්කර 12 කට වැඩි ප්‍රමාණයක මෙම බීජ වගා කොට ඇති නමුත් මෙතෙක් මෙම ගෝවා ප්‍රභේදයේ ගෙඩි හට ගෙන නොමැත. එබැවින් මාරස්සන ප්‍රදේශයේ ගොවීන්ගේ ඉල්ලීම මත මේ බව පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම්වරයා විසින් දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව වෙත යොමු කොට තිබේ.
අදාළ ලිපියේ තොරතුරු සැලකිල්ලට ගත් මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී. හිටිසේකර මහතා අදාල සමාගමෙන් මේ පිළිබඳ කඩිනමින් කරුණු විමසා ගොවි ජනයාට සහනයක් ලබා දීමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙස දැනුම් දුන් අතර, බීජ වර්ග ලබා ගැනීමේදී රජයේ ලියාපදිංචි කළ බීජ පමණක් වගා කිරීමට ගොවී ජනතාව ද දැනුවත් කරන ලෙසත් කෘෂිකර්ම ක්ෂේත්‍රයේ නිලධාරින්ට උපදෙස් දෙන ලදී.
මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් ගාමිණී මුණසිංහ මහතා සහ මහනුවර දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ වයි. කැටිපේආරච්ච් මහතා ඇතුළු කෘෂිකර්ම කමිටුවේ සමාජික නිලධාරීන් සහ ගොවි සංවිධාන නියෝජිතයන් රැසක්ද මෙම කමිටුව සඳහා සහභාගී වූය.
SDF/TKA_dmu_Kandy



















