ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    සබරගමු පළාත් සභාවෙන් කෑගල්ලට සම්ප්‍රදායික ගම්මානයක්

    සැප්තැම්බර් 24, 2015
    කෑගල්ල - පින්නවල ප්‍රදේශය කේන්ද්‍රකරගනිමින් සම්ප්‍රදායික ගම්මානයක් දෙස් විදෙස් සංචාරකයන් සඳහා විවෘත කිරීමට සබරගමු පළාත් සභාව පියවර ගෙන ඇති අතර මේ වන විට එම ගම්මානයේ ඉදිකිරීම් කටයුතු අවසන් අදියරෙහි පවතී.
     
    පින්නවල මා ඔයට හා සත්වෝද්‍යානයට යාබද පින්නවල අලි අනාථාගාරය ආසන්නයේ ඉදිවන මෙම ගම්මානය අක්කර 04කට ආසන්න භූමි ප්‍රමාණයකින් යුක්ත වේ.
     
    මෙහිදී ආරච්චි නිවස, වෙද ගෙදර, කම්මල් කර්මාන්තය, අත්යන්ත්‍ර රෙදිපිළි කිර්මාන්තය ආශ්‍රිත නිවාස ඇතුළු පැරණි ගම්මානයක් සතු වන විවිධ අංගෝපාංගයන්ගෙන් සමන්විත වන ආකාරයෙන් නිර්මාණය කොට ඇත.
     
    මේ වන විටත් රඹුක්කන පින්නවල ප්‍රදේශය සංචාරක කලාපයක් ව පවතින නමුත් මේ හරහා ඉදිරියේ දී ප්‍රදේශයේ තරුණ තරුණියන් රැසකට තවත් රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් නිර්මාණය වනු ඇතැයි සබරගමුව පළාත් සභාව විශ්වාසය පළ කරති.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya