ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    සබරගමු මහ සමන් දේවාල පෙරහැරට සමගාමීව පළාත් කර්මාන්ත ප්‍රදර්ශනයක්

    සැප්තැම්බර් 23, 2015
    සබරගමුව මහ සමන් දේවාල පෙරහැරට සමගාමීව සබරගමුව පළාතේ සුළු හා මධ්‍ය  පරිමාණ ව්‍යවසායකයන්ගේ නිමයුම් ඇතුළත් කර්මාන්ත ප්‍රදර්ශනයක් පැවැත්වීමට පළාත් කර්මාන්ත අමාත්‍යංශය කටයුතු කරයි.
     
    මෙම කර්මාන්ත ප්‍රදර්ශනය රත්නපුර නගර සභා සීවලී ක්‍රීඩාංගණය අසල පැවැත්වේ.
     
    පළාතේ  සුළු හා මධ්‍ය පරිමාණ නිමයුම්කරුවන්ගේ නිෂ්පාදන දිවයින පුරා ප්‍රචලිත කිරීම අරමුණු කර ගනිමින්  මෙම ප්‍රදර්ශනය පැවැත්වෙන අතර එය ජාතික හා ජාත්‍යන්තර ප්‍රදර්ශන සඳහා යොමු කිරීමට ද සබරගමුව පළාත් සභාව කටයුතු කරමින් සිටියි.
     
    තවද මෙම නිමයුම් සඳහා විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ පුළුල් ප්‍රචාරයක් ලබාදීම සඳහා ද පළාත් සභාව මේ වන විට විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇත.
     
    මෙම වැඩසටහන අද (23) සිට 27 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර මෙම සියලු වැඩසටහන් හරහා සබරගමුව පළාතේ නිමයුම් සඳහා දෙස් විදෙස් වෙළදපොලක් නිර්මාණය කිරීමට පළාත් සභාව අපේක්ෂා කරයි.
     
    මෙම අවස්ථාවට පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත්, කර්මාන්ත අමාත්‍ය රංජිත් බණ්ඩාර, පළාත් සභා මන්ත්‍රී අශෝක ජයවර්ධන, රත්නපුර මහ නගර සභාවේ නගරාධිපති නිලන්ත රොෂාන්, ප්‍රධාන ලේකම් හේරත් පී. කුලරත්න, කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම්  ඩී.ඇම්. මාලිනී යන මහත්ම මහත්මීන් ද එක්ව සිටියහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya