ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    රත්නපුරේ ධාවනයට නුසුදුසු වාහන 41 ක් ධාවනයෙන් ඉවතට

    සැප්තැම්බර් 25, 2015

    මෝටර් රථ ආඥා පනතේ අංක 194/198 (2) වගන්තිය යටතේ මෝටර් රථ ප්ර වාහන දෙපාර්තමේන්තුවේ රත්නපුර දිස්ත්‍රික් කාර්යලය මගින් පසුගිය 22 දින පස්වරු 7.00 සිට කරන ලද හදිසි රථ වාහන නිරීක්ෂණ මෙහෙයුමකදී ධාවනයට නුසුදුසු වාහන 41 ක් ධාවනයෙන් ඉවත් කිරිමට නියෝග ලබා දී ඇති අතර තවත් වාහන 33ට අලුත් වැඩියා කිරිමේ නියෝග ලබා දුන් බව රත්නපුර දිස්ත්‍රික් මාධ්‍ය ඒකක සඳහන් කරයි.

    ලොරි රථ,මගී ප්‍රවාහන බස් රථ සහ ත්‍රීරෝද රථ එම වාහන අතර වේ.

    ඇහැලියගොඩ,රත්නපුර,පැල්මඩුල්ල සහ ඇඹිලිපිටිය යන නගරවලදී මෙම හදිසි වැටලීම් සිදු කරනු ලැබීය.

    රත්නපුර දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නන්ගර මහතාගේ උපදෙස් පරිදි ආර්.එම්.පි.කේ.එම්. රාජජීව ප්‍රමුඛ එම්.ආර්.සේනාරත්න, සී.පී.ආර්.ජේ.පතිරණ, බි.ජි.අයි.සී.අරියදාස යන මෝටර් රථ වාහන පරීක්ෂකවරුන් විසින් මෙම වැටලීම් සිදු කළ බව රත්නපුර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය වැඩිදුරටත් සඳහන් කරයි.

     

    kpm/DMU_Ratnapura

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya