ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    මහඔය මහ සුළඟින් හානියට පත් වූවන්ට සහන

    සැප්තැම්බර් 26, 2015
    අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය අතුල්ලභ අසූයාය ප්‍රදේශයට බලපෑ මහ සුළඟක් හේතුවෙන් හානියට පත් පුද්ගලයින්ට අවශ්‍ය සහන ලබා දීමේ කටයුතු කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ඛණිජතෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ මහත්මිය නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.
     
    එම සිද්ධිය වාර්තා වීමත් සමඟ නියෝජ්‍ය අමාත්‍යවරිය අම්පාර දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්වරයාට සහ මහඔය ප්‍රාදේශීය ලේකම්වරයා අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී ඇත.
     
    නිවාස හානියට පත් වූ පුද්ගලයින්ට තාවකාලික නවාතැන් පහසුකම් ලබා දීමට කටයුතු කරන ලෙසත් ආහාර හා පානීය ජලය ඇතුළු යටිතල පහසුකම් සැලසීමට අවශ්‍ය විධිවිධාන සකස් කරන ලෙසත් ඇය ප්‍රකාශ කර සිටියාය.
     
    අවතැන් වූ හෝ හානියට පත් වූ පුද්ගලයින් වෙනුවෙන් වෙනත් යම් පහසුකමක් අවශ්‍ය නම් ඒ පිළිබඳ වහාම තමා දැනුවත් කරන ලෙස ඇය වැඩිදුරටත් දිස්ත්‍රික් ලේකම්වරයා සහ ප්‍රාදේශීය ලේකම්වරයා දන්වා සිටියාය. 
     
    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya