ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    පොලොන්නරුව වී මිලදී ගැනීමට ක්‍රමවේදයක් සැකසේ

    සැප්තැම්බර් 27, 2015
     
    පොලොන්නරුව දිස්ත්‍රික්කයේ වී මිලදී ගැනීමේ වර්තමාන තත්ත්වය පිළිබදව විශේෂ සාකච්ජාවක් පසුගියදා පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් එස්. සේනානයක මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
    පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මේ වන විට වී මෙට්‍රික් ටොන් 30,234 ක් මිලදී ගෙන ඇති බවත් ඉදිරියේදී තවත් මෙට්‍රික් ටොන් 8,000 ක් මිලදී ගැනීමට අමාත්‍යංශයේ අනුමැතිය ලැබී ඇති බවත් වී අලෙවි මණ්ඩලයේ පොලොන්නරුව ප්‍රාදේශිය කළමනාකාර නිමල් ඒකනායක මහතා පැවසීය.
     
    ගොවි සංවිධාන සභාපතිවරුන්ගේ එකගතාවය මත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ අනුව මෙම මේට්‍රික් ටොන් 8,000 මිලදී ගැනීමේ ක්‍රමවේදයක් සකස්කර ගැනීමද මෙහිදී සිදු විය.
     
    AP/DMU-Polonnaruwa
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya