ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    මානසික ආතතිය කළමනාකරණය සහ ගීත රසවින්දන වැඩසටහනක් මාතර දී

    සැප්තැම්බර් 28, 2015
     
    “ප්‍රභාෂ්වර සිතක අසිරිය විදිමු - අප හදින් මනසින් විවෘතයි“යන මැයෙන් මානසික ආතතිය කළමනාකරණය හා ගීත රසවින්දන වැඩසටහනක් මාතර දිස්ත්‍රික් ලේකම් ඊ.ඒ.සී. විදානගමාච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් හෙට (29) පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වා මාතර පීක්වැල්ල රජයේ නිවාඩු නිකේතනයේ දී පැවැත්වේ.
    මාතර දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්, සහකාර ප්‍රා‍දේශීය ලේකම්වරුන් සහ උපදේශන සහකාර නිලධාරීන් සදහා වන මෙම වැඩ සටහනෙහි “මානසික ආතතිය කළමනාකරණය“ පිළිබදව දැනුම්වත් කිරීම සදහා විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා සම්පත් දායකත්වය සපයන අතර ගීත රසවින්දන වැඩසටහන සදහා ආචාර්ය ප්‍රණීත් අබේසුන්දර මහතා  සම්පත් දායකත්වය සපයයි. 
     
    කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ ශ්‍රී ලංකා කාන්තා කාර්යංශය මෙම වැඩසටහන සංවිධානය කරන අතර ආසියානු සංවර්ධන පදනම මූල්‍යමය දායකත්වය සපයයි.
     
    AP/DMU-Matara
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya