ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ගෘහ සේවිකාවන් විදේශ ගතවීම අවම කර පුහුණු වෘත්තීය ශ‍්‍රමිකයින් රැකියා සඳහා යොමුකිරීමට පියවර

    සැප්තැම්බර් 30, 2015

    ඉදිරි වසර 5 තුළදී, ගෘහ සේවිකාවන් ලෙස කාන්තාවන් රට රැකියාවට යාම ක‍්‍රමයෙන් අවම කර ඒ වෙනුවට වෘත්තීය ශ‍්‍රමිකයින් ලෙස සේවය කිරීම සඳහා යොමුකිරීමට අවධානය යොමු වී ඇති බව විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කරයි.  එය නව රජයේ ඉලක්කයක් බවද ඇය කියා සිටී.

    ගෘහ සේවිකාවන් රට රැකියා සඳහා යොමුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇය මේ බව සඳහන් කළාය.

     

    1994 දී, ඇඟළුම් රැකියාවල ලක්‍ෂ 10කට අධික පිරිසක් සේවය කළ බවත්, එය 2015 වන විට ලක්‍ෂ 3 දක්වා අඩුවී ඇති බවත් ඇය ප‍්‍රකාශ කළාය. ලක්‍ෂ 7 කට රැකියා අහිමි වී ඇති අතර, එනිසා ඔවුන් අසරණ වී ඇති බවද ඇය කියා සිටියි.

     

    ඉදිරි වසර 5 තුළදී මෙරට කාන්තාවන් විදේශ ගෘහ සේවිකා රැකියා සඳහා යොමුවීම අවම කරමින්, ඔවුන්ට නිසි ජාත්‍යන්තර පුහුණුවක් ලබාදී වෘත්තීය ශ‍්‍රමිකයින් ලෙස ඉහළ වැටුප්තලවල රැකියා සඳහා යොමුකිරීමට කටයුතු කරමින් සිටින බව අමාත්‍යවරිය සඳහන් කළාය.

     

    ගෘහ සේවිකාවන් විදේශ රැකියා සඳහා යොමුවීම නිසා සමාජ හා පවුල් ප‍්‍රශ්න ඇතිවී තිබෙන අතර, මෙය රටේ අභිමානයටද හානියකි. මෙම අසරණ කාන්තාවන්ගේ දුක් කදුළු වර්තමාන රජය හොඳින් හඳුනන නිසා, ඔවුන්ට ගෞරවනීය ලෙස පිටත්වීමට පරිසරය සකසන බවත්, අගමැතිතුමාගේ උත්සහය සෑම පවුලකම ආදායම අවම වශයෙන් රු. 40,000වත් කිරීම බවද ඇය කියා සිටියාය. ඒ සඳහා අවශ්‍ය පස් අවුරුදු සැලැස්මක් කි‍්‍රයාත්මක කරන බවද ඇය තවදුරටත් පැවසීය.

     

    2014 වර්ෂයේදී රැකියා සඳහා 300,413 දෙනෙකු පිටව ගොස් ඇති අතර, ඉන් කාන්තාවන් 110,489 වන අතර, පිරිමි පුද්ගලයින් 189,929 කි. 2015 මුල මාස 6 තුළ 123,925ක් රැකියා සඳහා විදේශ ගත වී ඇති අතර, ඉන් 45,011 කාන්තාවන් වේ. පිරිමි සංඛ්‍යාව 78, 878 කි. ඒ අනුව කාන්තාවන් ක‍්‍රමයෙන් රැකියා සඳහා පිටව යාම අඩුවෙමින් පවතින බවද ඇය සඳහන් කළාය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya