ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ගාල්ල දිස්ත්‍රික්කයේ ආපදා තත්වයන් නිරීක්ෂණය කෙරේ

    සැප්තැම්බර් 30, 2015
     
    ගාල්ල දිස්ත්‍රික්කයේ ගංවතුරින් ආපදාවන්ට ලක්ව ඇති ප්‍රදේශ කිහිපයක් නිරීක්ෂණය කිරීම ආපදා කළමණාකරන අමාත්‍ය අනුර ප්‍රියදර්ශන මහතා විසින් අද සිදු කෙරිණි.
    මේ වන විට පවතින අධික වර්ෂාව හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 3,604 ක සාමාජිකයින් 13,576 දෙනෙකු අවතැන් වී සිටී. එමෙන් ම නිවාස 20ක් පූර්ණ හානියට පත්ව ඇති බවත් නිවාස 60ක් අර්ධ හානියට පත්ව ඇති බවත් ගාල්ල ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය දන්වයි.
     
    එමෙන් ම සුරක්ෂිත මධ්‍යස්ථාන 5ක සාමාජිකයින් 188 දෙනෙකු රැඳී ඇති අතර සියළු දෙනාටම අදාල ආහාර සහ සෙසු පහසුකම් කඩිනමින් ලබා දීමට සහන සේවා නිලධාරීන් කටයුතු යොදා තිබේ.
     
    AP/DMU-Galle
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya