ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    රඹෑව සාහිත්‍ය උත්සවය නාවික හමුදාවේ ප්‍රධානත්වයෙන්

    ඔක්තෝබර් 02, 2015
    සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ රඹෑව ප්‍රදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරන ලද සාහිත්‍ය උත්සවය නාවික හමුදාවේ ප්‍රධානත්වයෙන් පසුගිය දින රඹෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය උත්සව ශාලාවේදී පැවැත්විණි. 
     
    එම අවස්ථාව සඳහා නාවික හමුදාව නියෝජනය කරමින් පූනෑව ශ්‍රී ලංකා නාවික නෞකා ශික්ෂා ආයතනයේ ආඥාපති කපිතාන් අසංග රණසූරිය මහතා සහ නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.
     
    “සොදුරු මිනිසෙකු නිර්මාණය කෙරෙන සාහිත්‍ය හා කළාව” යන තේමාව යටතේ පැවති මෙම විචිත්‍රවත් උළෙලට සහභාගී වූ විවිධ දුෂ්කරතා මධ්‍යයේ සිය අධ්‍යාපන කටයුතුවල නියැලෙන දූ දරුවන් හට රු. 5000 බැගින් වූ ත්‍යාග වවුචර්පත් 30ක් නාවික හමුදාව වෙනුවෙන් ශික්ෂා ආයතනයේ ආඥාපතිතුමන් විසින් පිරිනමන ලදී. 
     
    දේශයේ සාහිත්‍ය උරුමයන් මතු පරපුරට දායාද කිරීමේ අවශ්‍යතාවය ප්‍රචලිත කිරීම වෙනුවෙන් සංවිධානය කළ එම උත්සවයෙහි කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක කර ගැනීමට නොමසුරුව සහයෝගය ලබා දුන් නාවික හමුදාවට එහිදී සංවිධායකයන් විසින් සිය හෘදයාංගම කෘතවේදීත්වය පිරිනමන ලදී.
     
    navy.lk

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya