ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    නව ප්‍රමිති දෙකක්

    ඔක්තෝබර් 04, 2015

    ආර්ථිකයේ සියලු අංශවල ප්‍රමිතිකරණය සහ තත්ත්වය වැඩිදියුණු කිරීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය නව ප්‍රමිති කාණ්ඩයක් වන ‘සාමාජයීය අවශ්‍යතා සඳහා වූ ප්‍රමිති‘ එළිදක්වා ඇත.

    මෙහි මුල්ම ජාතික ප්‍රමිති දෙක ලෙස ළමා සංවර්ධන මධ්‍යස්ථාන/ අනාථ දරු නිවාස සඳහාවූ යහපත් පිළිවෙත් පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රමිතිය එස්.එල්.එස් 1491 : 2014 සහ වැඩිහිටි නිවාස සඳහාවූ යහපත් පිළිවෙත් පිළිබඳ ප්‍රමිතිය එස්.එල්.එස් 1506 : 2015 එසේ හඳුන්වාදී තිබේ.

     

    මෙම ජාතික ප්‍රමිති දෙක එම විෂයයන් සඳහාවූ ලොව මුල්ම ජාතික ප්‍රමිති දෙක බවද ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ තේජා සේනාරත්න මහත්මිය පවසයි.

     

    මෙම හඳුන්වාදුන් නව ප්‍රමිති දෙක දැනට රාජ්‍ය අනුග්‍රහය යටතේ පවත්වාගෙන යන සහ පෞද්ගලිකව පවත්වාගෙන යන නිවාස ශ්‍රේණිගත කිරීමටත්, විගණනයන් සිදු කිරීම මඟින් නිවාස ගතවන්නන්ගේ අවශ්‍යතා පවත්වාගෙන යන්නේදැයි සොයා බැලීමටත් අදාළ පනත් හා රෙගුලාසි නිසියාකාරව ක්‍රියාත්මක කරන්නේද යන්න සොයා බැලීමටත් යොදා ගනී.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya