ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    වැඩිහිටි දින ජාතික උත්සවය අනුරපුරයේ දී

    ඔක්තෝබර් 02, 2015
     
    ජාත්‍යන්තර වැඩිහිටි දින ජාතික උත්සවය  අනුරාධපුර , සාලියපුර වැඩිහිටි නිවාස සංකිර්ණයේ දී  පැවැත්විණි. ඒ සමාජ සවිබල ගැන්වීමේ හා සුබසාධන අමාත්‍ය එස් .බී. දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි. " සුපසන් නගරයක්- සොදුරු වැඩිහිටි වියක් " යන්න මෙවර වැඩිහිටි දිනයේ තේමාවයි. 
    මෙම උත්සවයට කලාප,දිස්ත්‍රික් හා පළාත් හි වැඩිහිටි බලමණ්ඩල නිලධාරින් ද ඇතුලත්ව දිවයිනේ ප්‍රදේශ රැසකින් වැඩිහිටියන් 1000 ක පිරිසක් සහභාගී විය. වැඩිහිටියන්ගේ කුසලතා ඇගයීම ද මීට සමගාමීව සිදුවිය. 
     
    මෙහිදී අදහස් දැක්වු අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවසුවේ, ග්‍රාමීය මට්ටමින් විවිධ සමිති සමාගම් හරහා වැඩිහිටියන් සමුහගත විම වර්තමානයේ දක්නට ලැබෙන සුභවාදී ප්‍රවණතාවක් බවයි. වැඩිහිටියන්ගේ සුරක්ෂිත බව සදහා වැඩිහිටි නිවාස වැඩි දියුණු කිරීම කාලෝචිත බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේ ය. 
     
    උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, ආණ්ඩුකාර පී.බී. දිසානායක, යන මහත්වරුන් හා තවත් මැති ඇමතිවරුන් රැසක් ද , අනුරාධපුර මහ දිසාපති ඩී.පී.ජී. කුමාරසිරි මහතා ඇතුළු අනුරාධපුර දිස්ත්‍රික් පරිපාලන නිලධාරින් විශාල පිරිසක් ද මේ අවස්ථාවට එක්විය. 
     
    AP/DMU-Anuradhapura
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya