ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    සංවර්ධනයේ දී සිදුවන ගසාකෑම් නතර කළ යුතුයි

    ඔක්තෝබර් 05, 2015
    පසුගිය ආණ්ඩුව කාලයේ දී ගමේ සංවර්ධන නිසි පරිදි සිදු වී නොමැති බවත්, ඒ සඳහා වෙන්කළ මුදල් මහජන නියෝජිතයන් සහ අතරමැදියන්ගේ ගසා කෑම් ඊට හේතු වූ බවත්, ගම සංවර්ධනය කිරීමේ දී මහජන නියෝජිතයන් සහ අතරමැදියන්ගේ ගසා කෑම් නතර කිරීම අනිවාර්යය බවත් ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය.
     
    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ දින 100 තුළ ආරම්භ කළ ගම  සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ මාර්ග හා ප්‍රජාශාලා සංවර්ධනය කර විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
     
    මේ යටතේ ගෝනවිල ප්‍රජාශාලාව ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම, හෙට්ටිගොඩ කලායතන පාර සංවර්ධනය කිරීම, මැටිකොටුව මෝරුක්කුලිය ක්‍රීඩාංගණපාර සංවර්ධනය කිරීම, සියඹලාගහවත්ත පාර සංවර්ධනය කිරීම, කටුකෙන්ද සමගි මාවත සංවර්ධනය කිරීම,වැරැල්ලවත්ත අක්කර 80 පළමු පටුමග සංවර්ධනය කිරීම, ශාන්ත මයිකල් පාර සංවර්ධනය කිරීම ඇතුළු තවත් මාර්ග ගණනාවක් සංවර්ධනය කිරීමට කටයුතු කළ අතර මේ සඳහා රුපියල් ලක්ෂ 990ක් වැය කොට ඇත.
     
    වත්මන් රජය දේශපාලන හේතූන් සංවර්ධනය සඳහා බාධාවක් කර නොගන්නා බවත් ගම සංවර්ධනය කිරීමේ දී පක්ෂ පාට භේදවලින් තොරව සියලු දෙනා එක්විය යුතු බවත් පෙන්වාදෙන අමාත්‍යවරයා නව රජයේ සැලසුම් අනුව ඉදිරියේ දී රට සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සකස් කරමින් සංවර්ධන කටයුතු සිදු කරන බවත් අමාත්‍යවරයා පැවසීය.
     
    මුදල් නාස්තිය අවම කරමින් කාර්යක්ෂම සංවර්ධනය වැදගත් වන බවත් ශක්තිමත් ආර්ථිකයක් සහිත ජනතාවක් නිර්මාණය කිරීම වත්මන් ආණ්ඩුවේ අරමුණ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya