ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ළමා නිවාසවල දරුවන් 1200ක් නුවරඑළියේදි ලෝක ළමා දිනය සමරයි

    ඔක්තෝබර් 05, 2015

    ඔක්තෝබර් පළමු වැනිදාට යෙදී ඇති  ලෝක ළමා දිනය සමරමින් මධ්‍යම පළාතේ ළමා නිවාස වල සිටින දරු දැරියන් 1200කට ආසන්න පිරිසකගේ සහභාගීත්වයෙන් විශේෂ සැමරුම් උත්සවයක්  පසුගිය දා නුවරඑළියේදි පැවැත්විනි.

    මධ්‍යම පළාත් පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ මෙහෙයවීම මත නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඇතුඵ රාජ්‍ය ආයතන හා නුවරඑළිය SOS ළමා ගම්මානය ඇතුළු රාජ්‍ය නොවන සංවිධානවල සංවිධාන දායකත්වයෙන් මෙම උත්සවය සංවිධානය කර තිබිණ.

     

    මධ්‍යම පළාතට අයත් මහනුවර, මාතලේ හා නුවරඑළිය යන දිස්ත්‍රික්ක තුනට අයත් ළමා නිවාස 37කට අයත් ළමුන් මේ සඳහා සහභාගි වූහ. නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසළින් ආරම්භ වූ අලංකාර පෙරහැරකින් දරුවන් නුවරඑළිය වික්ටෝරියා උද්‍යානය දක්වා පැමිණ ළමුන් වෙනුවෙන් සංවිධානය කරතිබු ළමා ක්‍රියාකාරකම් වල නිරතවීමෙන් අනතුරුව සවස නගර ශාලාවේදි පැවැති සැමරුම් උත්සවයට සහභාගි වුහ.

     

    මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර සුරංගනි එල්ලාවල, මධ්‍යම පළාත් සභා අමාත්‍ය බන්දුල යාලේගම මහතා ඇතුළු මහජන නියෝජිතයින්, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් හේලන් මීගස්මුල්ල, මධ්‍යම පළාත් පරිවාස හා ළමාරක්ෂක කොමසාරිස් කුමුදුනි ප්‍රේමචන්ද්‍ර යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

     

    dmu_Nuwara Eliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya