ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    මාතලේ පාසල්වල වාණිජ බෝග වගාව ආරම්භ කෙරේ

    ඔක්තෝබර් 07, 2015
     
    මාතලේ පාසල්වල වාණිජ බෝග වගා වැඩසටහන දිස්ත්‍රික් ලේකම් නිල් ද අල්විස් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ඇල්කඩුව ඉඹුල්පිටිය විද්‍යාලයේදී  ආරම්භ කෙරුණි.
    මෙහිදී අදහස් දැක්වු  දිස්ත්‍රික් ලේකම්වරයා, ලංකාව පුරා අද ආහාර බෝග වැඩසටහන දිස්ත්‍රික් මට්ටමින් සහ ප්‍රාදේශිය මට්ටමින් ආරම්භ කර ඇති බවත්  මාතලේ දිස්ත්‍රික්කය පුරා පාසල්වල වාණිජ බෝග වගාව ක්‍රියාත්මක කරන බවත් පැවසීය.  අධ්‍යාපන අමාත්‍යාංශය හා ඒකාබද්ධව මෙම වැඩ සටහන ක්‍රියාත්මක කරන බවත් මේ සදහා හදබිම අධිකාරියේ තාක්ෂණික දැනුම, වෙළද උපකරණ සහ යෙදවුම් ලබා දෙන බැවින් මෙම වැඩ සටහන සාර්ථක කර ගත හැකි බවත් පැවසීය.
     
    මෙම වැඩසටහනේ වගකිම දැරිය යුත්තේ පාසලේ විදුහල්පති සහ ගුරු මණ්ඩලයයි. මේ සඳහා දෙමාපියන්ගේ සහයෝගය ලබා ගත හැකි අතර ඒ තුළින් දරුවන්ට වාණිජ බෝග වගාවට හවුල් විමට අවස්ථාව ලැබේ. මෙම වැඩ සටහන තුළින් පාසල් දරුවන්ට කෘෂිකර්මය පිළිබද දැනුමක් ලබා දිමට හැකි බවත් මෙය වාණිජ වගාවක් ලෙස දියුණු කිරිම තුළින් දරුවන්ගේ පහසුකම් ශක්තිමත් කළ හැකි බවත් දිස්ත්‍රික්ලේකම්වරයා වැඩි දුරටත් පැවසීය.
     
    මෙම අවස්ථාවට මාතලේ අතිරේක දිස්ත්‍රික් ලේකම් ඉෂාන් විජේතිලක, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ එන් ඒකනායක, උකුවෙල ප්‍රාදේශිය ලේකම් ඊ.ඩබ්.එන්.ඒ. ඒකනායක, දිස්ත්‍රික් දිවි නැගුම අධ්‍යක්ෂ කුෂාන් වික්‍රමරත්න ,යන මහත්මින් ද හදබිම අධිකාරියේ විධායක අධ්‍යක්ෂිකා ඒ.එම්.ඒ.සී.කේ අතපත්තු මහත්මිය ,පාසලේ විදුහල්පති ඇතුළු ගුරුමණ්ඩය ,පාසල් දරුවන් සහ දෙමාපියන් රැසක් සහභාගි වූහ. 
     
    AP/DMU-Matale
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya