ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    දකුණු කොරියාව සහ ශ‍්‍රී ලංකාව අතර වාර්ෂික අවබෝධතා ගිවිසුම අත්සන් තැබේ

    ඔක්තෝබර් 07, 2015

    දකුණු කොරියාවේ කම්කරු අමාත්‍යංශය සහ ශ‍්‍රී ලංකා රජය අතර වාර්ෂිකව අත්සන් කරනු ලබන අවබෝධතා ගිවිසුමට විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය සහ කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනයේ ශ‍්‍රී ලංකා අධ්‍යක්ෂ ජියෝන් හෝ ලින් මහතා අත්සන් තැබීය. පසුගියදා (05)  ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දී මෙය සිදුවිය.

    මේ වන විට දකුණු කොරියාවේ ශ‍්‍රී ලංකික ශ‍්‍රමිකයන් 28,000 ක් පමණ සේවය කරන අතර මේ වසරේ පසුගිය  මාස 9 තුළ රැකියා සඳහා එරටට ශ‍්‍රී ලාංකිකයන් 5,599 දෙනෙකු පිටව ගොස් තිබේ. මේ අතර 2014 වර්ෂයේ පැවති 12 වන කොරියානු භාෂා ප‍්‍රවීණතා විභාගයට 14,000ක් අයදුම්කරුවන් පෙනී සිටි අතර , ඉන් 1,013 දෙනෙක් සමත් වූහ.

     

    2015 වර්ෂයේ පැවති 13 වන කොරියානු භාෂා ප‍්‍රවීණතා විභාගයට 2,221 අයදුම්කරුවන් පෙනී සිටි අතර , ඉන් 1,201 දෙනෙක් සමත් වූහ. 2014 දී කොරියාවේ රැකියා සඳහා 6,684 ක් පිටව ගොස් තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya