ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ජාතික ගුරු දිනයට සමගාමීව සැමරුම් වැඩ සටහනක් ගම්පහදී

    ඔක්තෝබර් 09, 2015
     
    ජාතික ගුරු දිනයට සමගාමීව ගුරු දින සැමරුම් වැඩ සටහනක් " ගුරු දැනුමට නව දැනුමක්" යන තේමාව යටතේ ගම්පහ 
    බණ්ඩාරනායක විද්‍යාලයේදී පසුගියදා පැවැත්විණි.
    ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතාගේ ප්‍රධානත්වයෙන් හා ගම්පහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ 
    එස්.කේ.මල්ලවාරච්චි මහතාගේ සහභාගීත්වයෙන් පවත්වන ලද මෙම වැඩ සටහන ගම්පහ වානිජ මණ්ඩල පුහුණු ආයතනය හා  සම්බන්ධ වෘත්තීය පුහුණු  හා සංවර්ධන ආයතනය,  ශ්‍රී ලංකා අලෙවිකරුවන්ගේ ආයතනය හා ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කර ඇත.
     
    මෙහිදී ජේෂ්ඨ කථිකාචාර්ය අජිත් ජයවර්ධන මහතා විසින් නිවැරදි වෘත්තීය මාර්ගෝපදේශනය සම්බන්ධ දේශණයක් පැවැත්වු අතර ඉගැන්වීමේ ක්‍රමවේදයන් නව මුහුණුවරකින් ඉදිරිපත් කිරිමේ වැදගත්කම හා උපදේශන සේවයේදී ශිෂ්‍යයන් හා ගුරුභවතුන් අතර තිබිය යුතු මනා සම්බන්ධතාවය හා සහයෝගය නිරන්තරයෙන් පවත්වා ගෙන යාමේ වැදගත්කම පැහැදිලි කරනු ලැබිණි. 
     
    ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය විසින් ඉදිරි ජීවිතය ජය ගැනීම සදහා අලෙවිකරණයේ ඇති වැදගත්කම හා ඉන් ජිවිතයට ලැබෙන පිටිවහල සම්බන්ධව ගුරුවරුන්ට හා සිදු දදරුවන් දැනුවත් කරන ලදී. 
     
    AP/DMU-Gampha

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya