ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    කැලණිය විශ්වවිද්‍යාලය කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනයට

    ඔක්තෝබර් 10, 2015
    ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම ජාතික හරිත විශ්වවිද්‍යාලය වන කැලණිය විශ්වවිද්‍යාලය මඟින් ක‍්‍රියාත්මක හරිත සංකල්පය යටතේ විශ්වවිද්‍යාල පරිශ‍්‍රයේ ඉදි කළ නව කොම්පෝස්ට් පෙහොර නිෂ්පාදනාගාරය පසුගිය දින කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර සහ මූල්‍ය දායකත්වය ලබා දුන් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය මර්වින් ලාල් ධර්මසිරි මහත්වරු අතින් විවෘත කිරීම සිදු විය.
     
    මෙම අවස්ථාවට විශ්වවිද්‍යාලයේ සියලු ම පීඨාධිපතිවරු, අධ්‍යයන කාර්ය මණ්ඩලය, ලේඛකාධිකාරි, හරිත කමිටු සමාජිකයන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය ද සහභාගි වූහ.
     
    විශ්වවිද්‍යාලයීය උද්‍යාන කටයුතු සඳහා අවශ්‍ය මෙටි‍්‍රක් ටොන් 1.5ක් වන පොහොර අවශ්‍යතාව සපයා ගැනීමත්, අතිරික්තය ගම්වාසීන්ට බෙදාදීමත් අරමුණු කරගනිමින් මෙම නිෂ්පාදනාගාරය හරිත කමිටුවේ අධීක්ෂණය යටතේ උද්‍යාන අංශය මඟින් පවත්වා ගෙන යයි. 
     
    විද්‍යාර්ථීන් හා අවට පාසල්වල සිසු දරුවන්ට කොම්පෝස් පොහොර නිෂ්පාදනය පිළිබඳ පර්යේෂණ බිමක් ලෙසද මෙය ක‍්‍රියාත්මක වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya