ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක ස්ථාන මාරු කිරීම් ගැන පහදයි

    ඔක්තෝබර් 12, 2015

    මෑතදී සිදු කරන ලද මහ බැංකු සේවක ස්ථාන මාරු කිරීම් සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා කිහිපයක් මහ බැංකුවේ අවධානයට ලක් වූ අතර මේ සම්බන්ධ යථා තත්වය පැහැදිලි කිරීමට මහ බැංකුව නිවේදනයක් නිකුත් කර ඇත.

    මෙම මධ්‍ය වාර්ෂික ස්ථාන මාරු කිරීම් වසර කිහිපයක සිට වාර්ෂිකව සිදු කෙරෙන නිත්‍ය වැඩපිළිවෙලකි. ස්ථාන මාරුවීමක් මගින් සේවකයෙකු හට විවිධ ක්ෂේත්‍ර හරහා පැතිරුණු මහ බැංකු ක්‍රියාකාරකම් පිළිබඳව අත්දැකීම් ලබා ගැනීමට අවස්ථාව සැලසෙයි. ඒ අනුව, පශ්චාත් උපාධි පාඨමාලා ඇතුළුව විවිධ ආකාරයේ දේශීය සහ විදේශීය පුහුණු අවස්ථාවන් ලබා දීමට අමතරව, සේවකයන්ගේ රාජකාරී කටයුතු මාරු කිරීම මගින් සේවකයින්ට මහ බැංකු කටයුතු පිළිබඳ වඩා පුළුල් පරාසයක අත්දැකීම් ලබා ගැනීමට හැකි වේ.

     

    තවද, බැංකුව විසින් සේවකයන්ගේ වෘත්තීය ප්‍රගමනය සඵලදායී කිරීමත් සමඟ ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමණාකාරීත්ව තනතුරු කරා උසස් කිරීම සඳහා අවශ්‍ය සේවා අවශ්‍යතාවන්ගෙන් පරිපූර්ණ වන අයුරින් කාර්යය මණ්ඩලය සූදානම් කිරීමේ අරමුණ පෙරදැරි කරගෙන මෙම මාරු කිරීම් සිදු කර ඇත.

     

    එසේම, සේවා අවශ්‍යතාවයන්ට අනුකූලව සේවකයන් බැංකුවෙහි ඕනෑම දෙපාර්තමේන්තුවක හෝ ප්‍රාදේශීය කාර්යාලයක සේවයෙහි යෙදවීමේ අධිකාරී බලය ද ශ්‍රී ලංකා මහ බැංකුව සතු වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya