ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    සබරගමුව පළාත් රෝහල් පද්ධතියට පස් මහල් ගොඩනැගිලි සංකීර්ණ හතක්

    ඔක්තෝබර් 13, 2015
    රත්නපුර හා කෑගල්ල දිස්ත්‍රික් දෙකෙහි පළාත් සභාව මගින් පාලනය වන රෝහල් හතක් සඳහා අංග සම්පූර්ණ පස් මහල් ගොඩනැගිලි සංකීර්ණ හතක් ඉදිකිරීමට සබරගමුව පළාත් සභාව කටයුතු කරයි.
     
    ඒ යටතේ කරවනැල්ල සහ මාවනැල්ල රෝහල් සඳහා ලබා දී ඇති ගොඩනැගිලි සංකීර්ණවල වැඩ ආරම්භ කිරීම  පසුගිය දා පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා අතින් සිදු විය.
     
    කරවනැල්ල රෝහලේ ඉදිකෙරෙන පස් මහල් ගොඩනැගිලි සංකීර්ණය සඳහා  රජය වැය කරන මුළු මුදල රුපියල් ලක්ෂ 1055ක් වන අතර මාවනැල්ල රෝහල සඳහා රුපියල් ලක්ෂ 1064ක් වැය කරයි.
     
    මීට අමතරව බලංගොඩ, ඇඹිලිපිටිය, කහවත්ත, කලවාන හා වරකාපොල රෝහල් සඳහා ද මෙවැනිම පස් මහල් ගොඩනැගිලි සංකීර්ණ ඉදිකිරීමට සබරගමුව පළාත් සභාව කටයුතු කර ඇත.
     
    වරකාපොල රෝහල සඳහා ඉදිකෙරෙන ගොඩනැගිලි සංකීර්ණ මේ වන විට වැඩ අවසන් වෙමින් පවතින අතර ඒ සඳහා ජපන් රජය මගින් මූල්‍ය ප්‍රතිපාදන ලබාදී ඇත. අලුතින් ඉදිකෙරෙන ගොඩනැගිලි සංකීර්ණ තුළ අංග සම්පූර්ණ  බාහිර රෝගී අංශ, නේවාසික රෝගී අංශ, රසායනාගාර, වෛද්‍ය නිල නිවාස, X - රේ ඒකකවලින් සමන්විත වේ.
     
    නව ගොඩනැගිලි සැලසුම් කිරීම සඳහා විශේෂඥ වෛද්‍යවරුන්ගේ ද උපදෙස් පළාත් ඉංජිනේරු සේවාව විසින් ලබාගෙන ඇත.
     
    මෙම අවස්ථාවට පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත්, කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා ඇතුළු පළාත් සභා මන්‍ත්‍රීවරු, පළාත් ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම් බී.එම්.පී.එන් බෙලිගම්මන, නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරු වන ඉංජිනේරු ආනන්ද වීරරත්න, ශ්‍රීයානි පද්මලතා, සහකාර ලේකම් එම්.බී.එස්.එන්. කුමාරගේ, කෑගල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කුමාර් අබේරත්න යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya