ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    රැකියා විරහිත කාන්තාවන්ට ස්වයං රැකියා ලබාදීමේ වැඩසටහනක්

    ඔක්තෝබර් 17, 2015
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් අනුව දේශීය ව්‍යවසායකයන් හරහා රැකියා අවස්ථාවන් වැඩි වැඩියෙන් බිහිකිරීමේ ක්‍රියාත්මක වන රැකියා විරහිත කාන්තාවන් හට ස්වයං රැකියා අවස්ථා උදාකරලීමේ වැඩසටහනක් අද (17) පෙ.ව. 10.30ට පුත්තලම, ආණමඩුවේ දී පැවැත්වේ.
     
    පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් ආණමඩුව අමාත්‍යවරයාගේ කාර්යාලයේ දී මෙම පුහුණු වැඩසටහන පැවැත්වේ.
     
    මේ යටතේ පුත්තලම ප්‍රදේශයේ රැකියා විරහිත කාන්තාවන් 1,000කට පුද්ගලික සමාගමක් හරහා කුකුළන් ඇතිකිරීම සඳහා පහසුකම් සපයන අතර මෙමඟින් එක් කාන්තාවකට මසකට රුපියල් 30,000 - 35,000ත් අතර ආදායමක් සහතික කෙරේ.
     
    මෙම වැඩසටහනේ දී කුකුළන් ඇතිකිරීමේ කූඩු තනා ගැනීම සඳහා රුපියල් ලක්ෂයක බැංකු ණයක් ලබාගැනීමේ පහසුකම්  ද, කුකුල් පැටවුන් 500ක් හා ඊට අවශ්‍ය බෙහෙත් හා ආහාර ද ලබාදීමට නියමිතය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya