මිනිස් බල හා රැකියා පිළිබඳ දෙපාර්තමේන්තුව හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරනු ලබන රැකියා පොළ හෙට (24) පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වා සිංහල මහා විදුහලේ දී පැවැත්වේ. මෙම අවස්ථාව සඳහා විවිධ දෙපාර්තමේන්තු නිලධාරීන් හා රැකියා උත්පාදන ආයතන ප්‍රධානීන් සහභාගිවීමට නියමිතය. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13කින් යෞවන යෞවනියෝ මේ සඳහා සහභාගිවී රැකියා අවස්ථා උදාකර ගැනීමේ අවස්ථාව හිමි වේ. DB