ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    මාතලේ හදිසි ආපදා තත්වයන්ට මුහුණ දීමේ පෙරහුරු වැඩසටහනක්

    ඔක්තෝබර් 19, 2015
     
    ජාතික ආපදා කළමණාකරන මධ්‍යස්ථානය හා මාතලේ දිස්ත්‍රික් ආපදා කළමණාකරන ඒකකය එක්ව සංවිධානය කරන ලද 
    හදිසි ආපදා තත්වයකදී ජන ජීවිත බේරා ගන්නා ආකාරය පිළිබඳ පෙර හුරු වැඩසටහනක් පසුගියදා මාතලේ රත්තොට 
    ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේදී පැවැත්විණි.
    මාතලේ දිස්ත්‍රික්කයේ නායේ යාමේ අධි අවදානම් කලාපයක් වන රත්තොට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ලෝන්වීල්, 
    මදුරාවල,දංකන්ද, මඩකුඹුර සහ  දඹගොල්ල ග්‍රාම නිලධාරි වසම්වල මෙම පෙරහුරු වැඩසටහන පැවැත්විණි.මෙහිදී 
    නිලධාරින් ගෙන් ගෙට ගොස් ජනතාව දැනුවත් කිරිමට කටයුතු කළ අතර හදිසි අවස්ථාවකදී ආරක්ෂිත ස්ථාන කරා ගමන් 
    කරන ආකාරයේ පෙරහුවක් ද පැවැත්විණී.
     
    මෙම අවස්ථාවට එක් වූ මාතලේ දිස්ත්‍රික් ආපදා කළමණාකරන සහකාර අධ්‍යක්ෂ චමින්ද අමරවීර මහතා කියා සිටියේ 
    ජනතාව ආපදාවලින් බේරා ගැනිමට පෙර පුහුණුව ඉතා වැදගත් බවත් ආපදා තත්වයකදී මුලින්ම ජනතාව කටයුතු කළ 
    යුත්තේ ජීවිත බේරා ගැනිම බවත් හදිසි තත්වයකදී මුහුණ දිම සඳහා ජනතාව කණ්ඩායමක් ලෙස කටයුතු කිරිමට 
    සංවිධානය විය යුතු බවත්ය.
     
    මෙම අවස්ථාවට ග්‍රාම නිලධාරින්,සංවර්ධන නිලධාරින්, ආපදා කළමණාකරන නිලධාරින්, රතුකුරුස සංවිධානයේ 
    නිලධාරින්, රත්තොට පොලීසියේ නිලධාරින් සහ ප්‍රදේශවාසීන් රැසක් සහභාගි වූහ. 
     
    AP/DMU-Matale
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya