ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    මහනුවර සංවර්ධනයේදී ඉඩම් අහිමිවන්නන්ට වන්දි

    ඔක්තෝබර් 20, 2015

    මහනුවර නගරයට පිවිසෙන ප්‍රධාන මාර්ග දෙකක් වන ධර්මශෝක මාවත හා කටුගස්තොට - දිගන යන විකල්ප මාර්ග දෙක රුපියල් මිලියන 3500 ක වියදමින් සංවර්ධනය කිරීමට පියවරගෙන  ඇත.

    ලෝක බැංකු ණය ආධාර යටතේ  ක්‍රියාත්මක කරනු ලබන උපාය මාර්ගික  නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මහනුවර නගරයේ වාහන තදබදය අවම කිරීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය මහනගර  සභා සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යාංශය  යටතේ ක්‍රියාත්මක කෙරේ.


     
    යෝජිත  මාර්ගවලට අවශ්‍ය ඉඩම්  අත්පත් කරගැනීම් මේ දිනවල සිදු කෙරෙන අතර, එහිදී ඉඩම් කැබලි 1250කට අධික  ප්‍රමාණයක් අත්පත් කරගැනීමට  නියමිතය.  ඉඩම් අත්පත් කරගැනීමේ කටයුතු ඉඩම් අත්පත් කරගැනීමේ පනතට අනුව සිදු කරනු ලබන  අතර  ජාතික මෙන්ම ජාත්‍යන්තර මුල්‍ය  ආයතනයන්හී සමාජ ආරක්ෂණ නිර්ණායකයන්ට අනුකුලව වන පරිදි  අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඇතිව පිහිටුවා ඇති  LARC කමිටු ක්‍රමය හරහා වන්දි ප්‍රදානය සිදුකෙරේ.  මේ වන විට මහනුවර ධර්මා‍ශෝක මාවතේ අත්පත් කරගත් ඉඩම් කැබලි වෙනුවෙන්  වන්දි ප්‍රදානය  මේ වන  විට ආරම්භ කොට තිබේ. 

     

    AP/DMU-Kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya