ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ගාල්ල දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව රැස්වේ

    ඔක්තෝබර් 21, 2015
     ගාල්ල දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව වැ.බ දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකු පෝතාගම මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි. 
     
    සාර්ථක ලෙස ක්‍රියාත්මක කෙරෙන හබරාදුව ප්‍රදේශයේ ආරම්භ කොට ඇති අන්නාසි වගාව පිළිබඳව මෙහි දී විශේෂ අවධානය යොමු විය. එමෙන්ම දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කරනු ලබන මී මැසි පාලනය සහ බිමමල් වගාව සහ කුරුදු වගාකරුවන් සඳහා වන පුහුණු වැඩසටහන පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.
     
    ගවයින්ගේ මුඛ රෝගය වළක්වා ගැනීම සඳහා විශේෂ වැඩසටහනක් මේ වන විට පශු සම්පත් ඒකකය විසින් ක්‍රියාත්මකය. 
     
    කොග්ගල කලපුව ආශ්‍රිතව මත්ස්‍ය පැටව් ලක්ෂ 03ක සංඛ්‍යාවක් මුදා හැරීම සඳහා වන ව්‍යාපෘතියක් සිදු කිරීමට මේ වන විට දිස්ත්‍රික් ජලජ ජීවි ඒකකය කටයුතු කරයි.
     
    AP/DMU-Galle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya