ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් මාතර රාහුල විද්‍යාලයේ දී

    ඔක්තෝබර් 22, 2015
     
     
    “මතින් නිදහස් රටක් “ ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට සමගාමීව මාතර දිස්ත්‍රික්කයේ පාසල් ළමුන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් ඔක්. 23 පෙ.ව. 9.00 - පෙ.ව. 11.30 දක්වා මාතර රාහුල විද්‍යාලීය ප්‍රධාන ශාලාවේ දී පැවැත් වේ.
    මෙහි දී මත්ද්‍රව්‍ය පිළිබද බෞද්ධාගමික පැතිකඩ, සෞඛ්‍යමය වශයෙන් බලපාන ආකාරය සහ නීතිමය පසුබිම කෙරෙහි 
    අවධානය යොමුකරමින් ළමුන් දැනුම්වත් කිරීමට කටයුතු කෙරේ.
     
    මෙම වැඩසටහනේ සම්පත් දායකයින් වශයෙන් මාතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී පූජ්‍ය පරදුව 
    ජිනරතන ස්වාමීන් වහන්සේ, වෛද්‍ය රෝහිත ඇළපාත මහතා සහ මූලස්ථාන පොලිස් පරීක්ෂක මහින්ද කල්දේරා මහතා 
    සහභාගි වෙති.
     
    මාතර දිස්ත්‍රික් ලේකම් ඊ.ඒ.සී. විදානගමාච්චි මහත්මියගේ උපදෙස් මත මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මෙම වැඩසටහන 
    සංවිධානය කරන අතර මේ අවස්ථාවට 10 – 11 ශ්‍රේණි වල ළමුන් 150 ක් පමණ සහභාගි වීමට නියමිත ය.
     
    AP/DMU-Matara
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya