ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    කෑගල්ලේ ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහනට රු.ලක්ෂ 254 ක්

    ඔක්තෝබර් 22, 2015
     
    කෑගල්ල දිස්ත්‍රික්කයේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ පිළිසරු ව්‍යාපෘතිය වැඩිදියුණු කිරීම සදහා 2016 වර්ෂයේ දී රු.ලක්ෂ 254 ක මුදලක් යෙදවීමට සැලසුම් කර ඇතැයි මධ්‍යම පරිසර අධිකාරියේ සබරගමු පළාත් කාර්යාලය පවසයි.
    මෙම කරුණු අනාවරණය වූයේ පසුගියදා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් එච්.එම් ගාමිණි සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පරිසර කමිටු රැස්වීමේදීය.
     
    මේ යටතේ කෑගල්ල නගර සභාව සදහා රු. ලක්ෂ 57 ක් ද, මාවනැල්ල ප්‍රාදේශීය සභාව සදහා රු. ලක්ෂ 31 ක් ද, රඹුක්කන ප්‍රාදේශීය සභාව සදහා රු.ලක්ෂ 29 ක් ද, යටියන්තොට ප්‍රාදේශීය සභාව සදහා රු. ලක්ෂ 46 ක් ද, රුවන්වැල්ල ප්‍රාදේශීය සභාව සදහා රු. ලක්ෂ 55 ක් ද, බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාව සදහා රු. ලක්ෂ 33 ක් ද, මෙම පිළිසරු කොම්පෝස්ට් 
    ව්‍යාපෘතිය සදහා යෙදවීමට නියමිතය. 
     
    AP/DMU-Kegalle
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya