ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    රියදුරන් හා සහායකයින් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් මාතර දී

    ඔක්තෝබර් 24, 2015

    මාතර දිස්ත්‍රික්කයේ පාසල් දරුවන් ප්‍රවාහනය කරන රථවල රියදුරන් හා රිය සහායකයින් දැනුම්වත් කිරීමේ වැඩසටහන මාතර දිස්ත්‍රික් ලේකම් ඊ.ඒ.සී. විදානගමාච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝබර් 26 දින පෙ.ව. 8.30 සිට පෙ.ව 11.00 දක්වා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැත් වේ.

    පාසල් යන දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මගින් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන යටතේ මෙය ක්‍රියාත්මක කෙරේ.

     

    ළමයින්ගේ ආරක්ෂාව සදහා ආකල්පමය හා ක්‍රියාකාරී මට්ටමින් දායක වන, ළමුන්ව ආදරයෙන් රැකබලා ගන්නා හා ඔවුන්ව සුරක්ෂිතව රැගෙන යන, එක් එක් ළමුන් පිළිබදව විශේෂ අවධානයකින් කටයුතු කරන සතුටුමත් රියදුරන් හා රිය සහායකයින් පිරිසක් බිහි කිරීම, ළමුන්ගේ සුරක්ෂිත බව පිළිබදව මනා තක්සේරුවක් දෙමාපියන් හා භාරකරුවන් තුළින් ගොඩනැගෙන ආකාරයේ චර්යාමය වෙනසකට රියදුරන් හා රිය සහායකයින් අවතීර්ණ කරවීම සහ ළමා අපයෝජන වලට ගොදුරු නොවන ප්‍රීතිමත් දරු පිරිසක් බිහි කිරීමේ අරමුණින් මෙම වැඩසටහන සංවිධානය කර තිබේ.

     

    මෙහි දී පාසල් ළමයින්ගේ ආරක්ෂාව සම්බන්ධව සහ ඔවුන්ගේ සුරක්ෂිත බව ඇති කිරීම සදහා රියදුරන්ට හා රිය සහායකයින්ට කෙසේ දායක විය හැකි ද යන්න පිළිබදව සාකච්ඡා කෙරෙන අතර සම්පත් දායකයින් වශයෙන් දිස්ත්‍රික් මනෝ සමාජීය නිලධාරී එස්.බී.එම්.බී. නවෝදනී මහත්මිය සහ ළමා ආරක්ෂක නිලධාරී යූ.ජී. කුසුම්ලතා මහත්මිය සහභාගි වෙති.මේ අවස්ථාවට පාසල් දරුවන් ප්‍රවාහනය කරන රථවල රියදුරන් හා සහායකයින් 150 ක් සහභාගි වීමට නියමිත ය.

     

    මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ස්ථාපිත ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ මාතර දිස්ත්‍රික් කාර්යාලය වැඩසටහන  සංවිධානය කරයි.

     

     

    AP/DMU-Matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya