ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    බුද්ධිමය දුබලතා සහිත තරුණ පිරිස් වෘත්තීය පුහුණුවට යොමු කෙරේ.

    ඔක්තෝබර් 23, 2015
     
     
    කෑගල්ල දිස්ත්‍රික්කයේ සිටින වයස අවු 16 – 27 අතර බුද්ධිමය දුබලතා සහිත තරුණ පිරිස් වෘත්තීය පුහුණුවට යොමු කිරීමේ අරමුණින් විශේෂ වැඩසටහනක් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ කෑගල්ල දිස්ත්‍රික් කාර්යාලය අරඹයි.
    මේ යටතේ අදාළ තරුණ - තරුණියන් තෝරා ගැනීම සදහා වූ සම්මුඛ පරීක්ෂණය අද දින කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
     
    ශීතකරණ හා වායු සමීකරණ අළුත්වැඩියාව , වඩු කාර්මික පුහුණු, කෘෂිකාර්මික  පුහුණු, කොසු ඉදල් නිෂ්පාදනය  හා පෙදරේරු පුහුණුව ආදී පාඨමාලා සදහා තරුණ පිරිස් යොමු කිරීමට මින් අවස්ථාව සැලසේ. 
     
    මෙම පාඨමාලාවන් හී කාල සීමාව වසරක් වන අතර පාඨමාලා 2016 වසරේ ජනවාරී මස  ආරම්භ කිරීමට නියමිතව ඇත. මෙම සම්මුඛ පරීක්ෂණ සදහා බුද්ධිමය දුබලතා සහිත දරුවන් 600 දෙනෙක් සහභාගී වී සිටියහ. 
     
    AP/DMU-Kegalle
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya