ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රීලංකන් ගුවන් සමාගමේ “Flygreen”ස්වේච්ඡා වැඩසටහනට අන්තර්ජාතික පිළිගැනීමක්

    ඔක්තෝබර් 24, 2015

    ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සමාගම ලෝක පරිසර දිනයට සමගාමීව දියත් කළ  ”flygreen,” කාබන් විමෝචනය අවම කිරීමේ ස්වේච්ඡා වැඩසටහන  ගුවන් ප්‍රවාහන ක්‍රියකාරි කණ්ඩායම ATAG (Air Transport Action Group) මගින් ගෝලීය ගුවන් සේවා ක්ෂේත්‍රයේ දේශගුණික විසදුමක් ලෙස නම් කර ඇත.



    ලෝක හිතකර ශ්‍රීලංකන්” යන ආයතනික තිරසාර වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් වන මෙයට ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ (IATA), සහයෝගය ද හිමිවිය. ඒ අනුව ගුවන් මගීන්හට තමන් විසින් විමෝචනය කරනු ලබන කාබන් ප්‍රතිශතය සඳහා සිය කැමැත්තෙන් යම් මුදලක් පරිසර හිතකාමී ව්‍යාපෘතියකට බැර කිරීමට අවස්ථාව සැලසී ඇත. ශ්‍රීලංකන් ගුවන් සමාගමේ “Flygreen”වැඩසටහන ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය විසින් අධීක්ෂණය කරනු ලබන අතර දැනට  එහි එක්රැස්වන සියලු මුදල්  එම ආයතනය හරහා ශ්‍රී ලංකාව තුළ ජල විදුලි උත්පාදක ව්‍යාපෘතියක් සඳහා ආයෝජනය කරනු ලැබේ. තවද පරිසර හිතකාමී ගුවන් මගීන්ට ශ්‍රීලංකන් ගුවන් සමාගමේ දැනට ක්‍රියාත්මක වන තිරසාර වැඩසටහන් සඳහා දායකත්වය සැපයීමට අවස්ථා උදාකර ඇත.

     

    “හරිත තිරසාරබව” පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති අජිත් ඩයස් මහතා ප්‍රකාශ කර සිටියේ ,ශ්‍රීලංකන් ගුවන් සමාගම කැපවීමෙන් පරිසර සංරක්ෂණ‍ය සඳහා කටයුතු කරන බවත් මෙමගින් ධනාත්මක වෙනසක්  සිදුකිරීමට ගුවන් සමාගම අපේක්ෂා කරන බවත් ඒ මහතා ප්‍රකාශ කර සිටියේය.
     

    ගුවන් ප්‍රවාහන ක්‍රියාකාරි කණ්ඩායමේ (ATAG) විධායක අධ්‍යක්ෂ මයිකල් ගිල් (Michael Gill) මහතා වාර්තාවකින් ප්‍රකාශ කර සිටියේ  " මිනිසුන්ට ව්‍යාපාර  හා සම්බන්ධ වීම උදෙසා ලෝක ආර්ථිකය වෙනුවෙන් ගුවන් සේවා විශාල කාර්යභාරයක් ඉටුකරයි. දේශගුණික ක්‍රියාමාර්ග සම්බන්ධව අප ක්ෂේත්‍රය ප්‍රමුඛව සිටියි. ගුවන් සේවා දේශගුණික විසදුම් සඳහා ලෝක‍ය පුරා ක්ෂේත්‍රයේ අධ්‍යයන සිදුවීම් රැසක් ඇති අතර ඊට ශ්‍රීලංකන් ගුවන් සමාගමේ කාබන් විමෝචනය අවම කිරීමේ කාර්යභාරය ද ඇතුලත්” යනුවෙනි.

     
    ශ්‍රීලංකන් ගුවන් සමාගමේ මානව සම්පත් ප්‍රධානී සහ හරිත කණ්ඩායමේ කැඳවුම්කරු ප්‍රදීප කැකුලාවල මහතා සඳහන් කළේ ශ්‍රීලංකන් ගුවන් සමාගම නිරන්තරයෙන් පරිසර හිතකාමී වැඩසටහන් සඳහා කටයුතු කරන අතර  එමගින් කාබන් විමෝචනය අවම කිරීමට කටයුතු කර ඇති බවයි. එසේම වර්තමාන ගුවන් ප්‍රවාහනය ලෝක කාබන් විමෝචනයෙන් 3% ප්‍රමාණයක් සඳහා දායන වන අතර ගුවන් ප්‍රවාහනයට ඇති ඉල්ලුම වැඩි වීම නිසා ගුවන් සේවා ක්ෂේත්‍රය පුළුල් වී ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය. ගුවන් සේවා ක්ෂේත්‍රයේ වගකිව යුතු කොටස්කරුවන් ලෙස කාබන් විමෝචනය අවම කළ යුතු අතර එයින් ඇතිවන ප්‍රතිවිපාක පාලනය කිරීමට කටයුතු යෙදිය යුතු බවත් හෙතෙම තවදුරටත් ප්‍රකාශ කර සිටියේය.


    පසුගියදා ස්විට්සර්ලන්තයේ ජිනිවා හි පැවැත්වූ ගෝලිය තිරසාර ගුවන් සේවා සමුළුවේ දී “ගුවන් සේවා දේශගුණික විසදුම්” යන ලේඛණය නිකුත් කළ අතර  මෙහිදී ක්ෂේත්‍රයේ ප්‍රධාන විධායක නිලධාරීන් රැසක් දේශගුණික කි්‍රයාකාරකම් සඳහා කැපවීමෙන් කටයුතු කරන බවට ප්‍රතිඥා දෙන ලදී. ගුවන් සේවා  වායු විමෝචනයන් පිළිබඳව රජයේ සහාය සහ ගෝලීය වොළඳපොල විසදුම් ලෙස ක්‍රියාමාර්ග ගැනීමටත්  කාර්යක්ෂම ගුවන් ප්‍රවාහන කළමනාකරණය තුළින් අමතර ඉන්ධන සහ නව තාක්ෂණය පිළිබද  පර්යේෂණ සිදුකිරීම ද මෙහි අරමුණු විය.

    2008  වර්ෂයේ දී සියලුම ක්ෂේත්‍රයන් අභිබවා යමින්  ගුවන් සේවා ක්ෂේත්‍රය ක්‍රියාකාරී ලෙස දේශගුණික වෙනස්වීම් විපාක කළමනාකරණය වෙනුවෙන් අරමුණු ස්ථාපිත කළ ප්‍රථමයා බවට පත්විය. මේ අනුව 2020 වන විට කාබන් ඩයොක්සයිඩ් විමෝචනය අවම කරමින්  කාබන් මධ්‍යස්ථ වර්ධනයක් යන සංකල්පය ක්‍රියාවට නැංවීමට කටයුතු කරනු ඇත. මෙමගින් සමාජයේ සහ ආර්ථිකයේ  වර්ධනය වන විවිධ අවශ්‍යතා හමුවේ ගෝලීය වෙළෙඳපොල ක්‍රියාමාර්ගයක් ලෙස කාබන් විමෝචනය අවම කිරීමට කටයුතු කරනු ඇත. දිගු කාලීන  අරමුණක් ලෙස  2005 වඩා 2050 වන විට ගුවන් සේවා ක්ෂේත්‍රයේ ශුද්ධ කාබන් ඩයොක්සයිඩ්  විමෝචනය අවම කිරීමට කටයුතු කරනු ඇත.   

     

    ශ්‍රීලංකන් ගුවන් සමාගමේ “පරිසර හිතකර ශ්‍රීලංකන්” යන්න පාරිසරික සහ තිරසාර වැඩසටහනේ එක් අංගයක් වන අතර “Flygreen, save our planet” යන ආදර්ශ පාඨයෙන් දියත් කළ ගුවන් මගීන් සදහා වන කාබන් විමෝචනය අවම කිරීමේ වැඩසටහනද “Project BLUEprint” වැනි තල්මසුන් සහ ඩෝල්ෆීන් මත්ස්‍ය සත්වයන් රැකගැනීම වෙනුවෙන් නැරඹුම් බෝට්ටු හිමියන් දැනුවත් කිරීමේ වැඩසටහනද ගුවන් සමාගම පරිසරය රැකගැනීමට සිදුකරනු ලබන ප්‍රකට වෑයම් වේ.   

     

    ශ්‍රීලංකන් ගුවන් සමාගම වර්තමානයේ ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ (IATA) පරිසරය පිළිබඳ කමිටුවේ  නිරීක්ෂකයෙකු ලෙස කටයුතු කරයි.

     

    ගුවන් සමාගම මේ වසරේදී පරිසර කළමනාකරණය සඳහා වන ISO 14001 සහ  බලශක්ති කළමනාකරණය සඳහා වන  ISO 50001 යන ප්‍රමිති සහතික කලාපයේ පළමු ගුවන් සමාගම වශයෙන් අත්පත් කරගැනීමට අපේක්ෂාවෙන් සිටියි. ශ්‍රීලංකන් ගුවන් සමාගම IATA IEnvA පළමු අදියර අනුකූලතාවය  සහ  ජාතික බලශක්ති සම්මාන උළෙලේ 2012 සහ 2013 වර්ෂයන් හි බලශක්ති සම්මාන හිමිකරගෙන ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya