හොල්සිම් සමාගම සමඟ ඇතිකර ගන්නා ලද මෙම ගිවිසුම තුළින් දුම්රිය දෙපාර්තමේන්තුවට වර්ෂයකට රුපියල් මිලියන 202 ක ආදායමක් ලැබනු ඇත. මෙහිදී ත්‍රිකුණාමලය චීන වරාය දක්වා දුම්රිය මාර්ගය නැවත ඉදිකොට භාණ්ඩ ප්‍රවාහන කටයුතු දුම්රිය මගින් සිදු කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙසද අමාත්‍යවරයා මෙහිදි බලධාරීන්ට උපදෙස් දෙන ලදී.
අමාත්‍යවරයා දුම්රිය බලධාරීන්ට මෙම උපදෙස් දෙන ලද්දේ පසුගියදා ත්‍රීකුණාමලය චීන වරාය දුම්රිය ස්ථානය අසල ඉන්දුනිසීයාවෙන් ඇණවුම් කරන ලද ගල් අගුරු නෞකාවකින් ගල් අගුරු ගොඩබෑම සිදුවන අයුරු නිරික්ෂණය කිරීමෙන් අනතුරුවය. මෙම නිරීක්ෂණ චාරිකාවට ප්‍රවාහන අමාත්‍යංශ ලේකම්, දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ඇතුළු නිලධාරීන් රැසක් ද එක් වූහ.
SDF