ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    මරදාන සිට බත්තරමුල්ල දක්වා නව දුම්රිය මාර්ගයක්

    ඔක්තෝබර් 28, 2015

    මරදාන සිට බත්තරමුල්ල දක්වා මාර්ගයේ වාහන තදබදයට විසඳුමක් ලෙස මෙම මාර්ගය ඔස්සේ නව දුම්රිය මාර්ගයක් ඉදි කිරීමට රජය පියවර ගෙන ඇත.

    ප්‍රවාහන අමාත්‍යාංශය ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව හා නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පත් කර ඇති මෙහෙයුම් කමිටුවේ නිර්දේශ මත පදනම්ව කි.මී. 10 ක දුර මෙම දුම්රිය මාර්ගය ඉදිකිරීම සඳහා ශක්‍යතා අධ්‍යයනයක් ආරම්භ සිදු කෙරෙන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් අධිකාරී විජය සමරසිංහ මහතා පවසයි.


    රාජ්‍ය ආයතන බොහොමයක් බත්තරමුල්ල නගරය ආශ්‍රිතව පිහිටා ඇති බැවින් දිනපතා බත්තරමුල්ල සිට ගමන් කරන 20,000කට වැඩි රාජ්‍ය සේවකයන්ට මෙම දුම්රිය ව්‍යාපෘතිය මඟින් සෙත සැලසෙන බව ඔහු තවදුරටත් කියා සිටියේය.


    ශ්‍රී ලංකා ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය (CECB) විසින් දුම්රිය මාර්ගය ඉදිකිරීම සඳහා උපදේශන සේවා සැපයීම සිදු කරන අතර, රජය විසින් මෙම දුම්රිය මාර්ග පද්ධතිය විදුලිය ලබා දී විදුලිබල දුම්රිය ක්‍රියාත්මක කිරීම සඳහා ඇති හැකියාව සොයා බැලීමට ද කටයුතු කරනු ඇතැයි ඔහු පැවසීය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya