ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ළමයින්ට ළමා කාලය ගත කිරීමට ඉඩ දීම වැඩිහිටියන්ගේ වගකීමක්

    ඔක්තෝබර් 28, 2015

    දරුවන්ට දරුවන්ගේ ළමා කාලය ඒ අයුරින් ගත කිරීමට ඉඩක් නොමැතිවීම අද ඇතිව තිබෙන ඛේදවාචකයක් බවත් ළමුන්ට අධ්‍යාපනය සේම ඒ ඒ වයසේ දී ඔවුන් ගත කළ යුතු ආකාරයට අවශ්‍ය නිදහස ලබා දීම වැඩිහිටියන්ගේ වගකීමක් බවත් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක මහතා ප්‍රකාශ කළේය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ ගාල්ල ඕල්ඩි ගෝල් හෝටලයේදී පසුගියදා පැවති ගාල්ල දිස්ත්‍රික්කයේ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වූ සිසු දරුවන් ඇගයීමේ උත්සවයක් අමතමිනි.
     


    මෙම උත්සවයේ දී 05 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් සිසු දරුවන් 200කට ත්‍යාග සහතික හා සම්මාන පිරිනැමිණ.

     

    අද අපේ දරුවන් අධ්‍යාපනය වෙනුවෙන් දැඩි තරගයක නිරත වන බවත් දරුවන් මේ තරගයේ නියැලෙන්නේ දෙමාපියන් මේ තරගයේ නියැලෙන නිසා බවත් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා මෙහිදී අවධාරණය කළේය.

     

    රජයක් ලෙස අපි දරුවන් වෙනුවෙන් කලයුතු දේ හොදින් හදුනාගෙන අවබෝධයෙන් සැලසුම් සහගතව කිරීමට පියවර ගෙන තිබෙන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya