ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් වැඩසටහනක් මාතර දී

    ඔක්තෝබර් 31, 2015
     
    “මතින් නිදහස් රටක් “ ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට සමගාමීව මාතර දිස්ත්‍රික්කයේ පිහිටුවන ලද මත්ද්‍රව්‍ය නිවාරණ කමිටුව මගින් සංවිධානය කරන ලද මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් වැඩසටහනක් මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් බන්දුල රණවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර රාහුල විද්‍යාලයේ දී නොබෝදා පැවැත්විණි.
    මෙමගින් මත්ද්‍රව්‍ය පිළිබද බෞද්ධාගමික පැතිකඩ, සෞඛ්‍යමය වශයෙන් බලපාන ආකාරය සහ නීතිමය පසුබිම කෙරෙහි අවධානය යොමුකරමින් ළමුන් දැනුම්වත් කිරීමට කටයුතු කරන ලදි.
     
    මෙම වැඩසටහනේ සම්පත් දායකයින් වශයෙන් මාතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී පූජ්‍ය පරදුව ජිනරතන ස්වාමීන් වහන්සේ, වෛද්‍ය රෝහිත ඇළපාත මහතා සහ මාතර පොලිසිය සහභාගි වූහ.
     
    මේ අවස්ථාවට 10 – 11 ශේණි වල ළමුන් 150 කට අධික පිරිසක් සහභාගි වූහ.
     
    AP/DMU-Matara
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya